දකුණු අප්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 269ක්

0
78

දකුණු අප්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 269ක්

ARUNA LK NEWS

05 December 2024

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර Gqeberha හිදී ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට තරගය අද (5) නතර කරන විට පළමුව පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 269ක් රැස්කරගෙන සිටියේය.

දකුණු අප්‍රිකානු ඉනිම ඔසවා තැබූ රයන් රිකල්ටන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ශතකය රැස්කරමින් ලකුණු 101ක් ඉනිමට එක් කළේය.

පන්දු 250කට මුහුණදුන් රිකල්ටන්ගේ ඉනිම තුළ හතරේ පහර 11ක් ඇතුළත් විය.

ඔහුට අමතරව මෙම තරගයේදී ද සාර්ථක වූ නායක ටෙම්බා බවුමා ලකුණු 78ක් රැස්කිරීමට සමත් විය.

අද දිනයේ ශ්‍රී ලංකාවේ සාර්ථකම පන්දු යවන්නා වූ ළහිරු කුමාර ලකුණු 54කට කඩුලු 3ක් දවාගත්තේය.

ඊට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 67කට කඩුලු 2ක්ද, විශ්ව ප්‍රනාන්දු හා ප්‍රබාත් ජයසූරිය එක් කඩුල්ල බැගින්ද දවාගැනීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here