තෙදින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

0
66

තෙදින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ජනපති දිවයිනට
MAWBIMA LK NEWS
By Anjali Withanage -දෙසැම්බර් 18, 2024

ඉන්දියාවේ තෙදින නිල සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (දෙසැ. 17) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මුගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වූ අතර එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා රැසකට එක් විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මෙම සංචාරයට එක් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here