තුර්කි ගුවන් යානා ලංකා අහසේ- තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද (30) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

0
323

තුර්කි ගුවන් යානා ලංකා අහසේ
ARUNA LK NEWS
October 30, 2023

තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද (30) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

ඒ අනුව ටීකේ -730 දරන ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිට අද උදෑසන 05.40ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.

මෙම ගුවන් යානයෙන් මගීන් 261 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ගුවන් ගමන සඳහා පැය 08ක කාලයක් වැය වන අතර සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල උදෑසන 05.40ට තුර්කියේ සිටත් නැවත උදෑසන 07.40ට කටුනායක ගුවන් තොටුපොළෙන් තුර්කිය බලාත් පිටත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here