තැඹිලි ඩොලර් ගසක් වෙයි

0
292

තැඹිලි ඩොලර් ගසක් වෙයි
LANKADEEPA LK NEWS
(අංජුල මහික වීරරත්න)
2023 දෙසැම්බර් මස 15 – බැලුවෝ – 3186

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියයි.

තැඹිලි අපනයනය කිරීමෙන් 2022 වසරේදී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර,මේ වසරේදී මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ තැඹිලි වැවිලි භෝගයක් ලෙස වගා කිරීම සඳහා සියලු පියවර ගන්නා බවයි.

ලොව රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ දරා ඇතත් එම උත්සාහ සියල්ල අසාර්ථක වී ඇතැද ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි වන අතර එම නිසා Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේ දී මෙරට තැඹිලි ලොවේ ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නා බව අමාත්‍යවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here