‘තාරා දෙව්දුවගේ පිළිමය’ යළි ලබා ගැනීමට කටයුතු කරයි

0
277

‘තාරා දෙව්දුවගේ පිළිමය’ යළි ලබා ගැනීමට කටයුතු කරයි
ARUNA LK NEWS
08 July 2024 | සාලිය කුමාර ගුණසේකර

‘තාරා දෙව්දුවගේ පිළිමය’ යළි ලබා ගැනීමට කටයුතු කරයි

එක්සත් රාජධානියේ තිබෙන මෙරටින් කොල්ලකන ලද ‘තාරා දෙව්දුවගේ පිළිමය’ ඇතුළු පුරාවස්තු යළි ලබා ගැනීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක පැවසුවේය.

කොළඹ 07, පදනම් ආයතනයේදී අද (08 වැනිදා) පැවැති ජාතික පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මෙරටින් කොල්ලකන ලද පුරාවස්තු නැවත ලබාදීම සම්බන්ධයෙන් නෙදර්ලන්ත රජයට ස්තුතිවන්ත වන බවද ඔහු පැවැසුවේය.

එම, තොගයේ දෙවන කොටස ද නෙදර්ලන්තයෙන් ලබා ගැනීමට කටයුතු කරන බවත්, බලහත්කාරයෙන් කොල්ලකන ලද මෙම සම්පත් මෙරටට යළි හිමිවිය යුතු බවත් ඇමැතිවරයා පැවසුවේය.

පුරාවිද්‍යාව යන වචනය පැරණි බැවින් එය උරුම කළමනාකරණය ලෙස වෙනස් වියයුතු බවද ඔහු පැවැසීය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වියයුතු බවද ඔහු කීවේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හුදකලා ආයතනයක් බවට පත්වීමට හේතුව එම ආයතනය අනෙකුත් ආයතන සමග සම්බන්ධතාවයක් නොතිබීම යැයිද ඇමැතිවරයා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here