ණය බර බිලියන 28,563 පනී

0
104

ණය බර බිලියන 28,563 පනී

SUNADAY DIVAINA LK NEWS

ලලිත් චාමින්ද

December 22, 2024

රජයට ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය මෙම වර්ෂයේ (2024) ජුනි මස අවසන් වන විට රුපියල් බිලියන 28,563.4 දක්වා වැඩිවී ඇති අතර ඉන් ගෙවීමට ඇති විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,008.23 කි. ගෙවීමට ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,555.21කි. පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන් වෙයි.

ඉකුත් වර්ෂයේ (2023) මෙම කාලසිමාවේ දී ගෙවීමට තිබුණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 26,916.2කි. ඒ අනුව ඉකුත් වර්ෂයේ (2023) මුල් මාස හයට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස හයේ දී ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය සියයට 6.1කින් වැඩි වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

මෙම වර්ෂයේ ජුනි මස අවසන් වන විට ගෙවීමට ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,555.21කි. මින් භාණ්ඩාගාර බිල්පත් මගින් රුපියල් බිලියන 3,883.09ක මුදලක් සහ භාණ්ඩාගාර බැඳුම්කර මගින් රුපියල් බිලියන 12,767.06ක මුදලක් ලබාගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here