ටී-20 තරගාවලියේ ජය නවසීලන්තයට

0
111

ටී-20 තරගාවලියේ ජය නවසීලන්තයට
ARUNA LK NEWS
30 December 2024

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද පැවැති දෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජය ගැනීමට නවසීලන්ත පිල සමත් විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල කඩුළු 5ක් දැවී ලකුණු 186ක් රැස්කර ගැනීමට සමත් විය.

නවසීලන්ත පිල වෙනුවෙන් මාර්ක් චැප්මන් ලකුණු 42ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් ද ඇතුළත් වේ.

ටිම් රොබින්සන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 41කි.

පන්දු 19කට මුහුණ දුන් මිචෙල් හෙයි නොදැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 41කි.
පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 19යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගනු ලැබුවේ ලකුණු 141ක් පමණී.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා පන්දු 35කදී ලකුණු 48ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ද සමගිනි.

පැතුම් නිශ්ශංක දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමග පන්දු 28කදී ලකුණු 37ක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායමේ ජේකොබ් ඩෆී කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා නවසීලන්ත පන්දුවාර විස්ස තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත පිල සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here