
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගයන්ත හදිසි අනතුරකින් මියයයි
March 19, 2025
කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳ සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී මෙලෙසෙ මධ්‍යම අධිවේගී මාර්ගයේ දී අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දී ඔවුන් ගමන්ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ගයන්ත මහතා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු මියයන විට 46 වන වියේ පසුවුණ.
අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනාල බිරිඳ සහ තවත් දෙදෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.(Divaina lk News)
