
ජර්මනියේ නිල සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට
15 June 2025
ජර්මනියේ නිල සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට
ජර්මනියේ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (15) පෙරවරුවේ දිවයිනට පැමිණියේ ය.
තුන් දින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ජර්මනිය බලා පිටත්ව ගියේ, පසුගිය 10 වැනිදා රාත්‍රියේයී.
ජනාධිපතිවරයා එම සංචාරය තුළදී ජර්මානු ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවිය.
ඊට අමතරව එරට වාණිජ මණ්ඩලයේ මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමඟ ද, සාකච්ඡා පැවැත්විනි.
ඒ, රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම වෙනුවෙනි.
අනතුරුව ජනාධිපතිවරයා, ජර්මනියේ වෙසෙන ලාංකිකයින් ද හමුවිය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සංචාරයේ නිරත වූයේ, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ ආරාධනයකට අනුවයි.(ARUNA LK NEWS )