ජනාධිපති වෙන්න 39 දෙනෙකු නාමයෝජනා භාරදීලා

0
318

ජනාධිපති වෙන්න 39 දෙනෙකු නාමයෝජනා භාරදීලා

Lanka News UK
15 August 2024

අපේක්ෂකයින් 40 දෙනා අතුරින් 39 දෙනෙකු නාමයෝජනා භාරදුන් බවත් සරත් කුමාර ගුණරත්න මහතා නාමයෝජනා භාර දීමට නොපැමිණි බව මැතිවරණ කොමිසම නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් එම විරෝධතා මැතිවරණ පනත අනුව මැතිවරණ කොමිසමේ බලධාරීන් විසින් එම විරෝධතාවන් ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අනුව ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

නාම යෝජනා බාරදුන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ,විපක්ෂනායක සජිත් ප්‍රේමදාස . ජනබලවේගයේ අනුර කුමාර දිසානායක .,මව්බිම ජනතා පක්ෂයේ දිලිත් ජයවීර,මාර්ෂල් සරත් පොන්සේකා , පොදු ජනපෙරමුණේ නාමල් රාජපක්ෂයන් ඇතුළු සෙසු අපේක්ෂකයන් එහි පැමිණ සිටියේය.රනිල් වික්‍රම සිංහයන්ගේ ජන්ද සළකුණ ගෑස් ටැංකිය බවද සඳහන් වේ.නාම යෝජනා භාරදිමෙන් අනතුරුව පිළිගැනීමේ රැස්වීම රැසක් ද පවහ්වූ අත්ජ්ර දිවයිනේ බොහෝ පෙදෙස්වල එය සැමරීමද සිදු කෙරුණු බව එම පුවත් වල සඳහනේවේ.

ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහතින් දැක්වේ.

01. දිලිත් සුසන්ත ජයවීර

02. සරත් මනමේන්ද්‍ර

03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්

04. ඒ. එස්. පී. ලියනගේ

05. පානි විජේසිරිවර්ධන

06. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ

07. අජන්ත ද සොයිසා

08. බත්තරමුල්ලේ සීරලතන හිමි

09. සරත් ෆොන්සේකා

10. නුවන් සංජීව බෝපගේ

11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්

12. ජනක ප්‍රියන්ත කුමාර රත්නායක

13. කේ.කේ. පියදාස

14. මයිලවාගනම් තිලකරාජා

15. සිරිපාල අමරසිංහ

16. පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්

17. සරත් කීර්තිරත්න

18. කේ. ආනන්ද කුලරත්න

19. නාමල් රාජපක්ෂ

20. අක්මීමන දයාරතන හිමි

21. කේ.ආර්. කිෂාන්

22. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ

23. විජයදාස රාජපක්ෂ

24. අනුර සිඩ්නි ජයරත්න

25. සිරිතුංග ජයසූරිය

26. මහින්ද දේවගේ

27. මොහොමඩ් ඉල්ලයාස්

28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ

29. ඇන්ටනි වික්ටර් පෙරේරා

30. කීර්ති වික්‍රමරත්න

31. සජිත් ප්‍රේමදාස

32. රනිල් වික්‍රමසිංහ

33. මරක්කලමානගේ ප්‍රේමසිරි

34. ලලිත් ද සිල්වා

35. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක

36. ඩී.එම්. බණ්ඩාරනායක

37. අනුර කුමාර දිසානායක

38. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා

39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්

2024 ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද (15) සිදු කර තිබුණි.

නාමයෝජනා භාරගැනීම උදෑසන 9ට ආරම්භ කළ අතර එම කටයුතු නිමවූයේ උදෑසන 11ට ය.

නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කළේය.

එහිදී ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම ද සිදුකළේය.

මෙවර ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාරගැනීමේ කාලය ඊයේ (14) දහවල් 12.00න් අවසන් විය. ඒ අනුව අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත් බව සඳහන්වේ.

2024 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම විසින් ජූලි 26 වනදා නාමයෝජනා කැඳවීම ප්‍රකාශයට පත් කළේය.ජනාධ්පති මැතිවරණය සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here