
ජනපති රනිල් සහ බිල් ගේට්ස් අතර හමුවක්
ADA DERANA LK NEWS
December 3, 2023 03:41 pm
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බිල් ගේට්ස් මහතා අතර හමුවක් අද (03) සිදුවිය.
ඩුබායි හි එක්ස්පෝ සිටි හි පැවත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) අතරතුරදී මෙම හමුවීම සිදුව ඇත.
ගෝලීය අභියෝග සහ නිවර්තන කලාපය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි නායකත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව සිදුකර ඇත.
ඊට අදාළ දත්ත පද්ධතියක් පිහිටුවීම මෙන්ම දේශගුණික විශේෂඥතාව වෙනුවෙන් “Bill & Melinda Gates පදනම” හරහා සහාය ලබා දීමට එහිදී ගේට්ස් මහතා ජනපති වෙත පොරොන්දු වී තිබේ.