
ජනපති අනුර ඇමරිකානු තානාපතිනිය හමුවෙයි
ARUNA LK NEWS
01 October 2024
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද (01) පෙරවරුවේ සිදු වී තිබේ.
ඒ ජනාධිපති කාර්යාලයේ දී බවයි වාර්තා වන්නේ.
මෙහිදී එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබූ බවයි.