
ජනපති අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්
16 January 2025
චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඇරයුම් කර තිබේ.
තමාට සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළකිරීම සඳහා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා චීන නායතක්වයට ඇරයුම් කර ඇත.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකරන චීනයේ සිවුදින රාජ්‍ය සංචාරය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, බහු ආංශික ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙනයෑම සහ අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳ විස්තීර්ණ පොදු අවබෝධතාවයන්ට එළැඹි බවය.
අදාළ ඒකාබද්ධ ප්‍රකාශය පහතින් දැක්වෙයි,(Aruna lk News_)