ජනපති අනිද්දා වියට්නාමයට

0
87

ජනපති අනිද්දා වියට්නාමයට
By Anjali Withanage -මැයි 2, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 4 වන දා තෙදින නිල සංචාරයක් සඳහා වියට්නාමය බලා පිටත් වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයා මැයි 4 සිට 6 වන දා දක්වා වියට්නාමයේ සංචාරයේ නිරත වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ත් එරට කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ සම්භාවනීය අමුත්තන් රැසක් ද හමුවීමට නියමිත බව ත් විදේශ කටයුතු, විදේශ සේවා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

එමෙන් ම, හෝ චි මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත අතර එහිදී ප්‍රධාන දේශනයක් ද පැවැත්වීමට නියමිත ය.

මෙම රාජ්‍ය සංචාරය අතරතුර දෙරට අතර දෙපාර්ශ්වය අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත අතර ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡාවන්ට සම්බන්ධ වීමට ද අපේක්ෂා කරන බව විදේශ කටයුතු, විදේශ සේවා සහ සංචාරක අමාත්‍යාංශය පැවසීය.

එම අමාත්‍යාංශය පැවසුවේ, මෙම වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 55 ක් සපිරෙන බැවින් ජනාධිපතිවරයාගේ වියට්නාම සංචාරය මගින් දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරට ත් තහවුරු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වීමට නියමිත ය.(MAWBIMA LK NEWS )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here