
ජනපති අද නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අමතයි
ARUNA LK NEWS
19 January 2024
ජනපති අද නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අමතයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතයි.
උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ 19 වෙනි රාජ්‍ය නායක සමුළුව අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබේ.
හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කරගැනීම මෙවර සමුළුවේ තේමාව ය.
මෙම සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (18) පස්වරුවේ උගන්ඩාවේ කම්පාලා නුවරට පැමිණ තිබුණි.