ජනපතිවරණයට කලින් ‘විධායක ජනාධිපති’ අහෝසියි?

0
332

ජනපතිවරණයට කලින් ‘විධායක ජනාධිපති’ අහෝසියි?
MAWBIMA LK NEWS
By Anuradha Herath -පෙබරවාරි 10, 2024

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිදුකළ යුතු බවට විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් හා සිවිල් සංවිධාන අතර සිදුවන බවත් ඊට කිසිදු පක්ෂයකට විරුද්ධ වීමට නොහැකි යැයි ඔවුන්ගේ තර්කය බවත් ‘ඉරිදා මව්බිම’ට වාර්තා වේ.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබා ගැනීම කිසිදු ගැටලුවක් නොවන බවට මෙම සාකච්ඡාවේදී අදාළ පාර්ශව අවධාරණය කර ඇති බව ද දැනගන්නට ඇත.

ජනමත විචාරණයක් පවත්වා බහුතර ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයාගේ විශ්වාසය බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ලබන මාර්තු මාසය වනතෙක් ගමන් කර අලුත් අවුරුදු නිමාවෙන් පසුව යම් ස්ථාවරත්වයක් රට තුළ ගොඩනැඟෙනු ඇති බව මෙම සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අදහස වේ. ඉන්පසුව සමාජ කතිකාවක් ඇරඹිය යුතු බවට සාකච්ඡා කර ඇත. පොදුජන පෙරමුණ, එජාප, සජබ, ජාජබ ඇතුළු සියලු පාර්ශවයන් ජනාධිපතිවරණ ගණනාවකදීම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව පොරොන්දු ලබාදීම හේතුවෙන් මීට විරුද්ධ වීමේ හැකියාවක් ඔවුන්ට නොමැති බව ද අනාවරණය කර ඇත.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිදුකර ජනාධිපතිවරණය පවත්වනවා ද? නැද්ද? එසේ නොමැතිව ජනාධිපතිවරණයෙන් පසුව විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ ද යන්න ගැන අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇත.

කෙසේ වුව ද මෙය අවසන් ජනාධිපතිවරණය විය යුතු බව ඔවුන් විශ්වාසය පළ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here