
ජාතික ජන බලවේගය ඊයේ (26) කොළඹ දී පැවැත් වූ විරෝධතාවේ දී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ ජාතික ජන බලවේගයේ නිවිතිගල පළාත් පාලන මැතිවරණ අපේක්ෂක නිමල් අමරසිරි අද 27දා පෙරවරු 11.00 ට පමණ මියගොස් තිබු බව වාර්තාවේ,.
ඔහුව ඊයේ (26) කොළඹ දී පැවැත් වූ විරෝධතාවේ දී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි.මිය යන විට දී ඔහුගේ වයස අවුරුදු 61ක්.ඔහු කලක් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ කළමනා කරුවකු ලෙස ලෙස සේවය කර තුබූ අතර මැතිවරණය සඳහා සේවයෙන් ඉවත්ව තිබු බව ද සඳහන් වේ.
මෙම විරෝධතාවේ දී ඔහු ඇතුළු 28 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.සඳහන් කර තිබුණේ
“තුවාල ලැබූ අය 28 දෙනෙකු පමණ රෝහල්ගත කිරීමට සිදුවූ බවත් , සනිපවී කිහිපදෙනෙක් ටිකට් කපාගෙන ඉන් පිටත්ව තිබුණ බවත් . තවත් කිහිපදෙනෙක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවත්ය.ඉන් දෙන්නෙකුට කිසියම් අසාධ්‍ය තත්ත්වයක් මතුව තිබු බව අපට වාර්තාවුණා අපිට ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ජීවිතය නැතිවුණා කියලා දැනගන්නට ලැබූ බවය.විශේෂයෙන්ම නිමල් අමරසිරි කියලා රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ අපේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරන සහෝදරයෙක්. මින් මිය ගොස් ඇති බවත් පවසා තිබුණි .
Lanka News UK