
චීනයෙන් අමෙරිකාවට සියයට 84ක තීරු බද්දක්
April 9, 2025
අමෙරිකානු ආනයන සඳහා චීනය විසින් 84% ක තීරු බද්දක් පනවා ඇත.
චීනයේ මුදල් අමාත්‍යාංශය විසින් මේ බව ප්‍රකාශයට පත් කර තිබේ.
එය හෙට (10) සිට ක්‍රියාත්මක බව විදේශ මාධ්‍ය පවසයි.
අමෙරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ආනයන සඳහා පැනවූ 104% ක බදු අද (09) සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව, චීන මුදල් අමාත්‍යාංශය, අමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා 84% ක තීරුබදු ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර ඇත.
එමෙන්ම චීනය විසින් “විශ්වාස කළ නොහැකි ආයතනය” ලෙස නම් නම් කරමින් සමාගම් ලැයිස්තුවක් නිකුත්කර තිබුණි.
එයට එක්සත් ජනපද ව්‍යාපාර 06ක් ද එකතු කර ඇති බව එහි වාණිජ අමාත්‍යාංශය පවසයි.
මෙයට අභ්‍යවකාශ සහ ආරක්ෂක සමාගමක් වන සියෙරා නෙවාඩා සංස්ථාව “Sierra Nevada Corporation” මෙන්ම AI සමාගම් ද ඇතුළත් වේ.
චීනය මීට පෙර PVH සමාගම, හිමිකාරීත්වය දරන සන්නාම වන කැල්වින් ක්ලයින් සහ ටොමී හිල්ෆිගර් “Calvin Klein and Tommy Hilfiger” – ලැයිස්තුවට එක් කළේය.
“විශ්වාස කළ නොහැකි ආයතනය” ලෙස හැඳින්වෙන බැවින් එම සමාගම වලට චීනයේ ව්‍යාපාර කිරීමේ දී සම්බාධක සහ දඩවලට මුහුණ දිය හැකි බැවින් එය ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇති බව සඳහන් වේ.(ADA DERANA LK NEWS )