
චමරි සහ පිරිවර ආසියානු ක්‍රීඩා උළෙලටත්
ARUNA LK NEWS
19 September 2023
චමරි සහ පිරිවර ආසියානු ක්‍රීඩා උළෙලටත්
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15කු ඇතුළත් සංචිතයක් නම් කොට ඇති අතර සංචිතයේ නායකත්වය චමරි අතපත්තුට හිමි වී ඇත.
තරගාවලියේ මූලික වටයේ තරග අද (19) සිට ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඍජුව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගෙන ඇත.
ආසියානු ක්‍රීඩා උළෙලක් සඳහා ක්‍රිකට් තරග ඉසව්ව එක්වන තෙවැනි අවස්ථාව මෙය වන අතර තරගාවලිය 20-20 රටාවට අනුව පැවත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන දෙවැනි වතාව මෙය වන අතර පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වර්ෂයේදී මෙම ක්‍රීඩ උළෙල සඳහා සහභාගී විය.
ජයග්‍රාහී එංගලන්ත තරග සංචාරය සඳහා එක් වූ ක්‍රීඩිකාවන් 15 දෙනා මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට නම් කර ඇත. සංචිතයේ ප්‍රධාන පුහුණුකාර ධූරය රමේෂ් රත්නායක හටත්, කණ්ඩායමේ කලමණාකාර තනතුර නිශාන්ත ද සිල්වාටත් හිමි වී ඇත. කණ්ඩායමේ භෞත චිකිත්සක ලෙස අරවින්ද ජයදේවත් සහ සම්භාහක ලෙස චාමිකා සිරංජලිත් නම් වී තිබේ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම : චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ශි ද සිල්වා, ඉමේෂා දුලානි විතාරණ, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, ඕෂධී රණසිංහ, කවීෂා දිල්හාරි, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කල්හාරි කුලසූරිඅ, සුගන්ධිකා මානෙල් කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, ඉමේෂා දුලානි