ගෝලීය ආර්ථිකය විනාශ කරමින් පාර්ශවයකට සැබෑ ජයග්‍රහණයක් අත්නොවූ මැදපෙරදිග ගැටුම

0
7

page 1

Lanka News UK – April 2026

දින 39 ක ගැටුමකින් පසුව, 2026 අප්‍රේල් 8 වන දින සිට සති දෙකක සටන් විරාමයක් ක්‍රියාත්මක වූ අතර, එක්සත් ජනපදය/ඊශ්‍රායලය සහ ඉරානය අතර දෙපාර්ශ්වයම “ජයග්‍රහණයක්” අත් නොලද විනාශකාරී ප්‍රතිපල අත්වීමක් පමණක් ලැබූ එකක් යයි විදෙස් මාධ්‍ය හා යුද විශ්ලේෂකයින් ප්‍රකාශ කර ඇත. එකී විශ්ලේෂකයින් වැඩි වැඩියෙන් යුද්ධය විස්තර කරන්නේ සැබෑ ජයග්‍රාහකයින් නොමැති බවත්, දෙපාර්ශයටම විවිධ මට්ටමේ පාඩු පමණක් මේ ගැටුම තුළින් සිදුවූ බවත්ය.

ගැටුම, සියලු‍ ප්‍රධාන සහභාගිවන්නන්, ආරම්භ වීමට පෙර තිබු ගෝලිය ආර්ථිකය වඩා නරක තත්වයකට ඇද දමා තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල් ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු සිය යුධ ශක්තිය ලොවට පේනවා දිනපතා මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිදුකළ දෑ හැරුනු විට ඔවුන් බලාපොරොත්තුවූ පරිදි දින කිහිපයකින් මේ ගැටුම අවසන් නොවීය. ඒ අනුව ගැටුම තුළින් අති විශාල ජයග්‍රහණයක් සිදුකර ගැනුමේ ඔවුන් සිතා සිටි සිහිනය බොඳවී ඇතැයි ඉරානය මේ ගැටුමේ දී සිය නායකයන් මරා දැමුවද වැඩි විනාශයක් ලැබූ පාර්ශවය වූ නමුදු එහි සැබෑ ජයග්‍රාහකයා වන්නේ ඉරානය යයි යුද විශ්ලේෂකයින්ගේ හා විදෙස් මාධ්‍ය මගින් සඳහන් කර ඇත.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය: ගුවන් ආධිපත්‍යය ස්ථාපිත කිරීම සහ උත්තරීතර නායක අලි කමේනි ඇතුළු ඉහළ ඉරාන නායකයින් ඝාතනය කිරීම තිබියදීත්, පාලන තන්ත්‍රය වෙනස් කිරීම හෝ ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම වැනි මූලික ඉලක්ක සපුරා ගැනීමට ඔවුන් අපොහොසත් විය.

ඉරානය: රට දැවැන්ත යටිතල පහසුකම් හානියක් සහ එහි ඉහළ නායකත්වය අහිමි වී ඇත. පාලන තන්ත්‍රය යලි සකසා ගත් අතර, එය දැන් ගැඹුරු ආර්ථික හුදකලාවකට සහ දැඩි අභ්‍යන්තර නායකත්වයකට මුහුණපාමිණ සිටිති.

ගෝලීය ආර්ථිකය: යුද්ධය ප්‍රධාන බලශක්ති අර්බුදයක් ඇති කළ අතර, තෙල් මිල බැරලයකට ආසන්න වශයෙන් ඩොලර් 120ක් දක්වා ඉහළ ගියේය. හෝමූස් සමුද්‍ර සන්ධිය තවමත් උණුසුම් ස්ථානයක් වන අතර, දැන් ඉරානය සංක්‍රමණ ගාස්තු අය කිරීමේ අයිතිය තහවුරු කරන ”ගාස්තු කුටියක්” ලෙස ක්‍රියා කරමින් සිටි.

ඇමරිකානු ලෝකයේ අති විශාල නාවික බලඇණි හා සියගණනක් වූ නවීන ගුවන් යානා මගින් බෝම්බ දමමින් ඉරානයේ බලාගාර, පරිපාලන ගොඩනැගිලි, හා නෂ්ඨික බලාගාර විනාශකර දැමීම ඇමෙරිකානු හා ඊශ්‍රායල හමුදා දින 39 තිස්සේ අඛණ්ඩව සිදු කලද, ඉරානයද සිය ප්‍රහාර දිගින් දිගටම පසුගිය සති කිහිපය තිස්සේ නොකඩවා සිදු කරමින් ඇමෙරිකානු මැදපෙරදිග පිහිටි කඳවුරු, ප්‍රහාරක යානා වෙත මිසයිල නාශක යාන්ත්‍රණය මගින් බලවත් ප්‍රහාර රැල්ලක් එල්ලකර තිබුණි. මෙනිසා ඇමෙරිකානු අතිනවීන ජෙට් යානා විනාශ කර දැමීමටත්, ඉරානයේ මිසයිල ඊශ්‍රායල ආරක්ෂක පද්ධතිය මගහැර ප්‍රහාර එල්ලකිරීමටත් යුහුසුලු‍විය.

පෙබරවාරි 28දා ඇරඹුණු මැදපෙරදිග ඉරානයට පහර දීම ආරම්භකර මාසකුත් දින 13 ගතව තිබු අතර මේ වනවිට ඉරානයේ මුල්පෙළේ නායකයන්වූ අයතුල්ලා අල් කමේණි හා අල් ජරිජානි වැනි නායකයන් වෙත එල්ලකොට ඝාතනය කර දැමුවේය. ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ කළේ ඒ අනුව ඔහුට නතු පාලකයෙකු එහි පත් කලහැකියයි යන විශ්වාශයෙනි. නමුත් අල් කමේණිගේ පුත්‍රයා වූ මුජාල්බා කුමෙනි ඒ වෙනුවෙන් ආදේශ කළේය. ඉරානය සුනු විසුනු කිරීමට ඇමරිකාව පොළඹවාගෙන තිබුණේ ඊශ්‍රායලයේ ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහුගේ බලවත් ඇවිටිල්ල මත යයි සඳහන්වේ. කෙසේ නමුදු බලවත් අමෙරිකානු හා ඊශ්‍රායල ප්‍රහාර නොතකමින් ඉරානය ප්‍රති ප්‍රහාර එල්ලකරමින් ඇමෙරිකාවේ මැදපෙරදිග රටවල එනම් බහරේන්, කුවේට්, ඩුබායි, සවුදි අරාබියානු, ජෝර්දානු, රටවල තිබු යුද කඳවුරු වලටද, ඒ රටවල ඇමරිකානුවන් සතු සමාගම් වලට ප්‍රතිප්‍රහාර එල්ල කළේය. මේ නිසා ඒ රටවල විසු ලක්ෂ සංඛ්‍යත ඇමරිකානු හා ඊශ්‍රායල සමාගම් වලට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබු අතර ඒ හමුවේ එම පිරිස් ඉවත්කිරිමටද ඔවුනට සිදු විය. ඉන් නොනැවතී ඉතා ප්‍රබල බෝම්බ හෙලිමට පැමිණි ජෙට් යන 4ක්ද විනාශකර දමා තිබුනි. බි්‍රතාන්‍ය සතු සයිප්‍රස්හි පිහිටි ඇමෙරිකානු කඳවුරකටද, තුර්කියේ සහ අසර්බයිජානයේ කඳවුරකටද ප්‍රහාර එල්ල කළේය, ඊශ්රයලය සිය රට සතුරු මිසයිල වලින් ආරක්ෂිතයයි කලක් තිස්සේ උදම් අනමින් පසුවූ රටක් විය, ඉරානය මේ ආරක්‍ෂිත වළලු‍ හරහා සිය ඩ්‍රෝන මෙහයවන්නටද මේ අතර තුර සමත්වූ අතර ඒ නිසා බලාපොරොත්තු නොවූ අන්දමේ විනාශයකටත් එරට වැසියන්ටද මුහුණපාන්නට සිදුව තිබුණි. මේ නිසා එම ප්‍රහාර වහා නවතා දමන ලෙස වැසියන් ගෙන් විරෝධතා මතුව තිබුණි.

විදෙස් වාර්තා අනුව ඇමරිකානු භටයින් 18 මියගොස් 538 තුවාල වී ඇතැයි සඳහන්වේ. තවද 416 සුළු තුවාල සිදුවූ අතර මැදපෙරදිග කඳවුරු වලට කළ පහර දීම් වලදී 745 තුවාල වූ බවත් ඇමරිකාවේ ප්‍රහාරක රේඩාර් පද්ධති රැසක් විනාශවූ බවත් සඳහන්වේ. ඊශ්‍රායලය මෙම තොරතුරු සඳහන් කර නොතිබුණි.

ඉරානයේ මෙම යුදගැටුම නිසා 2,076 මිය ගොස් තිබු අතර 26,500 ක් තුවාල ලබා තිබු බව එහි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කොට ඇත. යුධ හමුදා භටයින් ටෙහෙරණයේ 400ක්ද, හර්නාහි 3,036ක්ද, හමුදා භටයන් 1,221ක්ද, සිවිල් වැසියන්, 1,714 මිය ගොස් 15,000 තුවාල ලබා ඇතැයි සඳහන්වේ. එහි පාලම් ගොඩනැගිලි, හා බලාගාර රැසක් ඉතාදැරුණු අන්දමේ ප්‍රහාරවලින් විනාශවී ඇතැයි එම වාර්තා වල සඳහන්වේ.

අප්‍රේල් 10 වනදා පකිස්ථානයේ හයිද්‍රබාද් නගරයේදී මැදපෙරදිග ගැටුම සම්බන්දයෙන් සිදු කරනු ලැබූ සති 2 ක සටන් විරාම ගිවිසුම තවදුරටත් දීර්ඝ කිරීමේ සම සාකච්ජාවක් ඇමරිකානු උප ජනාධිපති වෑන්ස් මහතා හා සෙසු නියෝජිත පිරිස් සමග සිදු කරනු ලදී. මෙහිදී පකිස්තානු විදේශ ඇමති අබ්බාස් මහතා විසින් ඊශ්රායෙලය සමබන්දව කරනුලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි විරෝධතාවක්ද මතුවී ඇතැයි විදෙස් පුවත් මගින් ප්‍රචාරය කරනු ලැබුවේය. ඔහු මෙහිදී සඳහන් කොට තිබුනේ ඊශ්රාලය මුළුමහත් ලොවටම හානි ගෙන දෙන ”පිළිකාවක්” බවය, මේ ප්‍රකශය ගැන එහි ජනාධිපති නවාස් ෂෙරිෆ් මහතා කණගාටුව ප්‍රකාශකර තිබුණි. තවද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය භෝමුස් සමුද්‍ර සන්දිය හරහා ගමන් කරන ලබන නැව් වලින් සටන් විරාම ගීවිසුම කඩකරමින් මුදල් විශාල ලෙස අය කරනු ලබන බව නිවේදනය කර තිබුණි.

ඇමෙරිකාවේ ජනතාවගෙන් හා විපක්ෂයෙන් මෙන්ම සිය මිතුරු රටවල් සහය දීමට මැලිවීම, නේටෝ සංවිධානයේ නිහඬබව ඇමරිකන් ජනාධිපතිවරයා සාම ගිවිසුමට ඉරානය පෙළඹ වීම මුලික හේතුව වී යයි විදෙස් විශ්ලේෂකයන් සඳහන කරයි. මේ යුද්ධයට ඇමරිකාව ඇදදමා ඇත්තේ ඊශ්‍රායලය යයි සඳහන් කරන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ නැවතත් මෙම ගැටුම මතුවිය හැකිය යන්නය. අපේ රටට ආසන්න මුහුදේදී ඉරාන නැවක් බෝම්බ හෙළා ගිල්වා දැමිමත්, තවද ඉන්දියන් සයුරේ අප රටට ආසන්න මුහුදේ පිහිටි දිවයිනකට ඉරානය බෝම්බ දැමීමත්, තවද ඇමෙරිකාව විසින් ඔවුන්ගේ නවීන යානා නැවැත්වීම සඳහා අයැදුමක් කිරීමත් මේ යුද්ධ ගැටුමේ අප දිවයින මැදිවූ අවස්ථා ලෙස සඳහන් යුතුය. කෙසේ නමුත් අප ජනාධිපතිවරයා එම ඉල්ලිම ප්‍රතික්ෂේප කිරීම ඉතිහාසගතවන කරුණක් බව මෙහිලා සඳහන් කලයුතුය.

නීතිඥ ශාන්ත සේනාධීර 

See less

Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here