
ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 11දෙනෙකු ඊජිප්තුවට
Aruna lk news
03 November 2023
ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 11දෙනෙකු ඊජිප්තුවට
ගාසා තිරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 11දෙනෙකු නිරුපද්‍රිතව ඊයේ (02) ඊජිප්තුවට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අද (03) තහවුරු කර තිබේ.
ඊජිප්තුවේ රෆා දේශසිමාව ඔස්සේ මෙම ශ්‍රී ලාංකිකයින් 11 දෙනා පැමිණ ඇති අතර ඔවුන් අතර පවුල් දෙකකට අයත් සාමාජිකයින් බවට අනාවරණ වී ඇත.
ඊජීප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝමීටර් 320ක් දුරින් රෆා දේශසිමා පිවිසුම පිහිටා ඇති අතර ශ්‍රී ලංකා බලධාරින් එහි ගොස් එම ලාංකිකයින් පිරිස සිය භාරයට ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
එලෙස ඊජිප්තුවට පැමිණි ශ්‍රී ලාංකිකයින් 11 දෙනා ඉදිරියේදී ශ්‍රී ලංකාවට එවීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.