ගාසා තීරයට සාමය උදාකරන සටන් විරාමය හෙටින් ඇරඹෙයි

0
55

ගාසා තීරයට සාමය උදාකරන සටන් විරාමය හෙටින් ඇරඹෙයි
18 January 2025

ගාසා තීරයට සාමය උදාකරන සටන් විරාමය හෙටින් ආරම්භ වීමට නියමිතව තිබේ.

මාස 15ක් පුරා පැවති ගාසා යුද්ධයට නිමාවක් සනිටුහන් කරමින් සටන්විරාම සහ ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ ගිවිසුමකට එකඟවූයේ පසුගිය බදාදා දිනයේදීයි.

අමෙරිකාව, කටාර් රාජ්‍යය සහ ඊජිප්තුවේ මැදිහත්කාරිත්වයෙන් ඇතිකරගත් සටන්විරාම ගිවිසුමට ඊයේ ඊශ්‍රායල ආරක්ෂක කැබිනෙට්ටුවේ අනුමැතිය හිමිවිය.

ඒ අනුව දෙපාර්ශ්වය අතර සටන්විරාමය හෙට දිනයේ සිට බලගැන්වෙනු ඇති.

සති හයක කාලයක් හෝ අවශ්‍ය නම් ඊට වැඩි කාලයක් තුළ අදියර තුනක් යටතේ මෙම සටන්විරාමය ක්‍රියාවට නැංවෙන අතර, එහිදී ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදාහැරීම, පලස්තීන සිරකරුවන් මුදාහැරීම, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයෙන් ඉවත්කර ගැනීම, සිදුවීමට නියමිතය.

එමෙන්ම ගාසා වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සහ යුද්ධයෙන් හානි වූ නගර ගොඩනැංවීමද ඒ යටතේ සිදුකිරීමට නියමිතයි.

සියලු පියවර එලෙසම ක්‍රියාත්මක වුවහොත් ආරම්භයේ සිට දින 16කින් ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන්ම ගාසා තීරයෙන් ඉවත්කර ගැනෙනු ඇති.

2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා හමාස් සාමාජිකයින් ඊශ්‍රායල භූමියට පිවිස 1,200කට අධික පිරිසක් ඝාතනය කළ අතර, තවත් 251 දෙනෙක් ප්‍රාණ ඇපයට ගනු ලැබීය.

ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ගාසා හි ක්‍රියාත්මක කළ මෙහෙයුමෙන් සහ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 47,000කට ආසන්න පිරිසක් මියගිය අතර ගාසා තීරය සුන්බුන් ගොඩක් බවට ද පත්විය( ARUNA LK NEWS )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here