ග්‍රහකයක් පෘථිවියට කඩා වැටේ

0
58

ග්‍රහකයක් පෘථිවියට කඩා වැටේ

ARUNA LK NEWS
05 September 2024

මීටරයක් පමණ පළලැති ග්‍රහකයක් මීට පැය කීපයකට පෙර පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

නිවේදනයක නිකුත් කරමින් එම ආයතනය සදහන් කරන්නේ ග්‍රහකය අලුයම පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ බවයි.

එය ගිනිගෙන දැවෙමින් පහළට ඇදී පිලිපීනය අසල ලූසොන් දූපතට ඉහළින් පැමිණි බව නාසා ආයතනය සදහන් කළ බව විදෙස් මාධය වාර්තා කරයි.

ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් වූ බැවින්, එය වායුගෝලයේදීම දැවී අවසන් විය.

2024 RW1 යන නමින් නම් කළ මෙම ග්‍රහකය, විද්‍යාඥයන්ට දකින්න ලැබී ඇත්තේ පෘථිවිය ආසන්නයටම පැමිණීමෙන් පසුව යැයි ද නාසා විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here