ගතවූ මාස 9දි වෙඩි තැබීම් 75කින් 42ක් මියයයි

0
495

ගතවූ මාස 9දි වෙඩි තැබීම් 75කින් 42ක් මියයයි
ARUNA LK NEWS
19 September 2023 | හෂිනි කුලතුංග

ගතවූ මාස 9දි වෙඩි තැබීම් 75කින් 42ක් මියයයි
මෙම වසරේ ගතවූ කාලයේදී දිවයින පුරා සිදුවූ වෙඩි තැබීම් හැත්තෑපහකින් පුද්ගලයින් හතළිස් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව සඳහන් කළේය.

තවද ඉන් තුවාල ලැබූ පුද්ගලයන් තිස්තුන්දෙනකු රෝහල් ගත කර ඇතැයි ද ඒ මහතා පැවසීය.

මෙම වර්ෂයේ මුල් මාස කිහිපයේ සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා යොදා ගත් වාහන ද පොලිසිය බාරයට ගෙන තිබේ.

මේ වන විට එම සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා මෑත කාලීනව සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් ද මේ වන විට පරීක්ෂණ සිදුකෙරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here