ගගනගාමීන් රැගෙන ඒමට ගිය ඩ්‍රැගන් කැප්සූලය සාර්ථකව ළඟාවෙයි

0
41

ගගනගාමීන් රැගෙන ඒමට ගිය ඩ්‍රැගන් කැප්සූලය සාර්ථකව ළඟාවෙයි
ARUNA LK NEWS
16 March 2025

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටින නාසා ගගනගාමීන් යළි රැගෙන ඒමේ සඳහා පිටත්ව ගිය ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සූලය අද (16) සාර්ථකව එම මධ්‍යස්ථානයට ළඟාවිය.

මාස 9කට අධික කාලයක සිට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටු වී සිටින්නේ සූනි විලියම්ස් සහ බුච් විල්මෝර් නම් එම ගගනගාමීන් දෙදෙනාව යළි පෘථිවියට රැගෙන ඒම සඳහා මෙම ඩ්‍රැගන් කැප්සූලය ඊයේ (15) අභ්‍යාවකාශගත කෙරුණි.

ඒ අනුව ඔවුන් දෙදෙනා යළි රැගෙන ඒම සඳහා නාසා ගගනගාමී වන ඈන් මැක්ලන් සහ නිකොල් අයර්ස්, ජපාන ගගනගාමී තකුයා ඔනිෂි සහ රුසියානු අජඨාකාශගාමී කිරිල් පෙෂ්කෝව් මෙලෙස ඩ්‍රැගන් කැප්සූලයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සාර්ථකව ළඟා වී ඇත.

දින 8ක කාලයක් සඳහා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගිය සූනි සහ බුච්ට එහි මාස 9ක් රැඳී සිටීමට සිදුවුණේ ඔවුන් ගමන්කළ බෝයිං ස්ටාර්ලයිනර් යානයේ හටගත් දෝෂයක් හේතුවෙන්ය.

ඔවුන් නැවත පෘථිවියට රැගෙන ඒමට අවස්ථා කිහිපයකදී සැලසුම් කළත් ඒ සියල්ල අසාර්ථක විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here