කොළඹ වරාය නගරයේ ‘The Mall’ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ

0
65

කොළඹ වරාය නගරයේ ‘The Mall’ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ

MAWBIMA LK NEWS

By Anjali Withanage -සැප්තැම්බර් 6, 2024

කොළඹ වරාය නගරයේ අලුතින් ඉදි කළ ‘The Mall’ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කර තිබේ.

ඒ, ඊයේ (සැප්. 5) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ය.

මෙම කලාපයේ ඉදි කරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල් ද මෙහි සමන්විත වේ.

‘The Mall’ සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරු බදු රහිත වෙ‍ළෙඳසැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත ය.

ඒ සමග කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත.

මෙම විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, මීට වසර දෙකකට පෙර වරාය නගරය මේ අයුරින් දියුණු කිරීමට හැකි වනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකළ බව ත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇතිව තම රජය විසින් රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ බැවින් අද වන විට වරාය නගරයේ මූල්‍ය කටයුතු ආරම්භ කිරීමට හැකි වූ බව ත් ය.

සමාගම් 100ක් පමණ අද වන විට වරාය නගරය කෙරෙහි අවධානය යොමු කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, ඒ අතරින් සමාගම් 74ක් මෙම වසර අවසන් වන විට වරාය නගරයේ ආයෝජන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ත් මෙරට විදෙස් ණය හිමියන් සමග එළැඹි ගිවිසුම් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක කළහොත් රටට යහපත් අනාගතයක් උදාවන බව ත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here