කොළඹ එන්න එපා! හෙට සිට පාස්පෝට් දෙන අලුත් ක්‍රමය

0
417


By Mawbima lk News-ජූනි 14, 2023

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මහ ජනතාවට වඩා ත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන සේ මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයැදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ක්‍රමවේදයක් හඳුන්වා දීමට සියලු කටයුතු සැලසුම් කරනු ලැබ ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

එසේ මාර්ගගතව අයැදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයැදුම්කරුවන්ට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උපකාර්යාලවදී ලබා දීම සිදුකළ හැකි ය.

විදේශ ගමන් බලපත්‍ර ඉන්ටර්නෙට් ඔස්සේ නිකුත් කිරීමෙ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (ජූනි 15) හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

නව වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් පසුව කිසිවෙකුට අවශ්‍ය නම්, ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයැදුම්පත් භාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

විදේශ ගමන් බලපත්‍ර ලබා දීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ත් මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයැදුම් කළ පසු අයැදුම්කරුවන් වෙත ලබා දීම සඳහා දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබා දෙන බව ත් ඉන් අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවසට ම ගෙන්වා ගත හැකි බව ත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරට ත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here