කොළඹ අවට තොරණ 23ක්

0
129

කො

ළඹ අවට තොරණ 23ක්

ARUNA LK NEWS

12 May 2025

වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ ඇතුළු අවට ප්‍රදේශවල පමණක් තොරණ 23ක් නිර්මාණය කර තිබේ. ඒ අනුව කොස්ගස් හන්දිය, ඔරුගොඩවත්ත, තොටළඟ, දෙමටගොඩ, බොරැල්ල, පෑලියගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, මහරගම, පිළියන්දල, බෙල්ලන්විල තොරණ නිර්මාණය කර තිබේ.

මීට අමතරව මොරටුව, දෙහිවල, මාලඹේ සහ අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ රැසකද වෙසක් තොරණ නිර්මාණ කර ඇති අතර කොළඹ බෞද්ධාලෝක මාවත, ලේක් හවුස් මාර්ගය, කොළඹ මහ නගර සභා මාර්ගය සහ හුනුපිටිය ගංගාරාමය ආශ්‍රිතවද වෙසක් කලාප පැවැත්වේ.

මේ අතර ජාතික වෙසක් සතියට සමගාමීව හොරණ නගර සභාව සංවිධානය කරන හොරණ වෙසක් කලාපය අදින් (12වැනිදා) ඇරඹෙන අතර, එය එළැඹෙන 18 වෙනිදා දක්වා පැවැත්වේ.

වෙසක් කලාපයේ ඉදිවන දර්ශනීය වෙසක් තොරණ මෙවර 26 වෙනි වරටත් සුන්දරී පරිබ්‍රාජිකා කතා වස්තුව ඇතුළත්ව ප්‍රදර්ශනය කෙරේ.

එයට අමතරව පාසල් සහ විවෘත අංශය යටතේ වෙසක් පහන් කුඩු තරගාවලියක් පැවැත්වෙන අතර ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂ දෙකකට අධික ත්‍යාග පිරිනමනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here