කොල්ලුපිටියේ බස්රථ අනතුරින් 5දෙනෙකු ජීවිතක්ෂයට

0
434

කොල්ලුපිටියේ බස්රථ අනතුරින් 5දෙනෙකු ජීවිතක්ෂයට

ARUNA LK NEWS

06 October 2023

කොල්ලුපිටියේ බස්රථ අනතුරින් 5දෙනෙකු ජීවිතක්ෂයට

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පැවසුවේ අද (06) උදෑසන 6.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් පුද්ගලයින් 17දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති අතර අදාළ බස් රථය කොළඹ – මතුගම බස් රථයකි.

අනතුර හේතුවෙන් මේ වනවිට එම මාර්ගය අවහිර වී ඇති බවද පොලීසිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here