
කොදෙව්වන්ට අතිවිශිෂ්ට ජයක්
23 February 2026
සිම්බාබ්වේ පරාජය කර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (23) රාත්‍රියේ පැවති තරගයෙන් ලකුණු 107ක අතිවිශිෂ්ට ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් සමත් විය.
මුම්බායි හිදී පැවති මෙම තරගයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 254ක ඉලක්කයට පිළිතුරු ලෙස සිම්බාබ්වේ පන්දුවාර 17යි පන්දු 4කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 147ක් පමණි.(Aruna lk news)



