කුරුළු උණ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

0
377

කුරුළු උණ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්
ARRUNA LK NEWS
21 June 2024

ඉන්දියාව වැනි අසල්වැසි රටවල කුරුළු උණ රෝගීන් වාර්තාවීම ආරම්භ වී ඇති නිසා ශ්‍රී ලංකාවට කුරුළු උණ පිළිබඳව අවධානෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

පක්ෂීන්ට ප්‍රධාන වශයෙන් බලපාන ඉන්ෆ්ලුවෙන්සා වයිරසය හේතුවෙන් කුරුළු උණ බෝවන අතර එම වෛරසය අනෙක් සතුන්ට මෙන්ම මිනිසුන්ටද ආසාදනය වේ. ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ප්‍රභේද සහ උප ප්‍රභේද කීපයකි. මෑතකදී ඉන්දියාවෙන් ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය ආසාදනය වූ දරුවකු වාර්තා වූ අතර එම දරුවා 2019 වසරෙන් පසුව ඉන්ෆ්ලුවෙන්සා ඒ (එච්.9.එන්.2) වෛරසය අසාදනය දෙවැනි රෝගියා විය.

මෙතෙක් වාර්තා වූ සියලුම කුරුළු උණ රෝගීන්ට සතුන් හේතුවෙන් එම රෝගය ආසාදනය වී ඇති අතර මෙතෙක් කුරුළු උණ මිනිසුන්ගෙන් මිනිසුන් ආසාදනය වන බවට කිසිඳු සාක්ෂියක් හමුවී නැත.

වත්මන් තත්වය මත ශ්‍රී ලංකාවට එච්5, එච්7 සහ එච්9 ආසාදනය වූ කුරුළු උණ රෝගීන් හඳුනාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බවත් කුරුළු උණ රෝගය පිළිබඳ නිරීක්ෂණ කටයුතු කරන රෝහල්වලට සැකසහිත කුරුළු උණ රෝගීන් හඳුනාගැනීමට හැකියාව තිබෙන බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ප්‍රකාශ කළේය.

මිනිසුන්ට කුරුළු උණ රෝගය ආසාදනය වීම දුර්ලභවුවත් සතුන් සමඟ සිටින පුද්ගලයන්ට අවදානමක් තිබෙන බවද වෛද්‍යවරයා පැවැසුවේය.රෝගය ආසාදනය වීමෙන් වැලැකීමට සතුන් සමඟ ගැවසෙන පුද්ගලයන් නිතරම දෑත් සබන් යොදා සෝදන ලෙසත් ආරක්ෂක උපකරණ පළඳින ලෙසත් උපදෙස් ලබා දී තිබෙන බව වෛද්‍ය ජූඩ් ජයමහ පැවැසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here