කුරුන්දි අද උණුසුම් වෙයි

0
325

කුරුන්දි අද උණුසුම් වෙයි
DIVAINA LK NEWS
August 18, 2023

කුරුන්දි පුදබිමේ පිහිටි චෛත්‍යයට ඔබ්බෙන් වූ පිළිමගෙය පිහිටි ස්ථානයේ පැරණි කෝවිලක් තිබූ බව පවසමින් යාපනයේ පදිංචිකරුවන් පිරිසක් අද පැමිණ පිළිම තැන්පත් කර එම ස්ථානයේ කිරි ඉතිරවීමට සූදානම්වීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

කුරුන්දි පුදබිමේ දින 03ක කාලයක් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා අද දිනයේදී භික්ෂූන් වහන්සේලා විසින් කටයුතු සූදානම් කර තිබූ මොහොතේ මෙම කිරි ඉතිරවීමට උත්සාහා කර තිබේ.

එහිදී අදාළ පිරිස හා භික්ෂූන් වහන්සේ අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

අනතුරුව පොලීසිය මැදිහත් වී තත්ත්වය පාලනය කළ අතර මේ වනවිට කැරලි මර්දන ඒකකයද කැඳවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here