
කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝ නායක අග්ග මහා පණ්ඩිත පුජ්‍ය ගලයායේ පියදස්සී යතිවරයන් වහන්සේ අදදින (19)අපවත් විය. උන්වහන්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ගලයාය ග්‍රාමයේ 1947 වසරේ ජුනි මස 28 වැනිදා උපත ලැබූ අඹේකෝන් මුදියන්සේලාගේ සුරවීර පැවිදි දිවියට පිවිසෙන්නේ 1970 වසරේදීයි.
සදලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනින්මූලික අධ්‍යාපනය ලබා විද්‍යෝදය මහ පිරිවෙනින් මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය උන් වහන්සේ හිමිකර ගෙන තිබුණි. 1984 වසරේදී විදේශීය ධර්ම ප්‍රචාරය කිරීමේ කටයුතු සදහා පූජ්‍ය ගලයායේ පියදස්සි හිමියන් එංගලන්තයේ ලන්ඩන් නුවර බෞද්ධ විහාරයට පැමිණෙන්නේ එහි විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය හම්මලව සද්ධාතිස්ස හිමියන්ගේ ආරාධනයකට අනුවය.
පූජ්‍ය ගලයායේ පියදස්සි හිමියන් බ්‍රිතාන්‍යයේ ධර්ම ප්‍රචාරක කටයුතු සදහා මහාචාර්ය පූජ්‍ය හම්මලව සද්ධාතිස්ස හිමියනුගේ මග පෙන්වීම යටතේ ලන්ඩනයේ සෙසු ප්‍රදේශ වල වෙසෙන බෞද්ධ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් 1989 දී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නමින් කෙන්ටන් ප්‍රදේශයේ විහාරස්ථානයක් ආරම්භ කරනු ලැබූවේය.
කළ ගුණ සැලකීම ක්‍රියාවෙන්ම පෙන්වූ පූජ්‍ය ගලයායේ පියදස්සි හිමියන් තමන් වහන්සේගේ ගුරු හිමියන් වූ හම්මලව සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේට ගෞරව පිණිස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නමින් නම් කිරීමෙන්බුදු මග යන යතිවරයන් වහන්සේ නමක් බවට කදිම සාක්ෂියක් පෙන්වූ යතිවර හිමි නමකි..
පූජ්‍ය ගලයායේ පියදස්සී ස්වාමීන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක සහ සමාජ ආගමික සේවය අගයමින් මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයෙන් එක්සත් රාජධානියේ ප්‍රධාන අධිකරන සංඝනායක පදවියෙන්ද අස්ගිරි මහාවිහාර පාර්ශවයෙන් එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක පදවියෙන්ද, බ්‍රෙන්ට් නගර සභාව විශිෂ්ට පුරවැසි නාමයෙන්ද බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජින MBE ගෞරව නාමයෙන්ද, බුරුම රජය අග්ග මහා පණ්ඩිත ගෞරව නාමයද පුදකර සිටි බව උන් වහන්සේගේ 75 වෙනි ජනම දින පැවැත්වූ උළෙලේ දී සඳහන් කර තිබුණි..
තවද උන වහන්සේ ශ්‍රී ලංකාවේ සමාජ සේවා කටයුතු අතර හෙට්ටිපොළ ගල්කන්ද මුදිත ළමා නිවාසය අරඹා අනාත, අත්හල, අසරණ, දරුවන් යහමගට ගැනීමේ ආයතනයේ දරුවන්ට නේවාසික පහසුකම් සැළසීමද, සුනාමි ව්‍යසනයෙන් අසරණවූ ජනතාව උදෙසා ගාල්ල වලහන්දූව ප්‍රදේශයේ සුනාමි ගම්මානයක් ඉදිකිරීමද, නාවල ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර පුස්කාලයක් ද ඉදිකර තිබුණි.
වසර ගණනාවක් තිස්සේ ලන්ඩනයේ අවුරුදු උළෙල අප සංස්කෘතිය විදෙස් රටකදී මෙහි හැදී වැදුණු දු දරුවනට පේනවා දී අති සාර්ථක අන්දමින් පැවැත්වීමේ ගෞරවය උන්වහන්සේට හිමිවේ.කින්ස්බරි විහාරස්ථානයේ පැවැත්වූ දහම් පාසල තුලින් මෙහි වෙසෙන දුදරුවන්ගේ දහම් දැනුම ඔපවත් කිරීමේ මහගු කාර්යද ,වරින්වර ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන පැවැත්වීම ඇතුළු බුදු දහම මෙරට ප්‍රචාරය කිරීම සඳහා මහගු මෙහෙයක් පසු ගිය දශක ගණනාවක් තිස්සේ ඉටු කිරීමේ ගෞරවයද උන් වහන්සේගෙන් ඉටු විය.
උන්වහන්සේ කලක් තිස්සේ ගිලන්ව වැඩ විසු අතර එනමුදු සිය යුතුකම් නොපිරිහෙලාම ඉටුකළ යතිවරයකු ලෙස සඳහන් කල යුතුය. අපවත් වන විට උන් වහන්සේ 76 වැනි වියෙහි පසුවිය. පූජ්‍ය ගලයායේ පියදස්සි නායක ස්වාමින් වහන්සේ විසින් එක්සත් රාජධානිය තුළ සිදුකරනුලැබූ මේ සමාජ මෙහෙවර අප සිත් තුළ චිරාත් කාලයක් පවතිනු නියතය, අපි උන්වහන්සේට අතිඋතුම් අජරාමර මහා නිවන් සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
ශාන්ත සේනාධීර
ලංකා නිවූස් යුකේ.