කැනඩාවේදී සික් නායකයකුගේ ඝාතනයෙන් ඉන්දීය-කැනඩා සබඳතා වැට උඩ
ඉන්දියාවේ කැනඩා රාජ්‍යතාන්ත්‍රිකයාට රටින් පිටවන්නැයි නියෝග

0
435

කැනඩාවේදී සික් නායකයකුගේ ඝාතනයෙන් ඉන්දීය-කැනඩා සබඳතා වැට උඩ
ඉන්දියාවේ කැනඩා රාජ්‍යතාන්ත්‍රිකයාට රටින් පිටවන්නැයි නියෝග
DINAMINA LK NEWS
September 20, 2023

කැනඩාවේ සිදු වූ සික් බෙදුම්වාදී නායකයකුගේ ඝාතනයට ඉන්දියාව සම්බන්ධ බවට කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කිරීමට විරෝධය පාමින් ඉන්දියාවේ කැනේඩියානු ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයකු නෙරපා හැරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම රාජ්‍යතාන්ත්‍රිකයාට දින පහක් ඇතුළත රටින් පිටවන ලෙස ඉන්දීය රජය දැනුම් දී ඇතැයි අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය. කැනඩාවේ පුරවැසියකු වන හර්දීප් සිං නමැති සික් ජාතික බෙදුම්වාදී නායකයා පසුගිය ජූනි මාසයේදී එරට බ්‍රිටිෂ් කොලොම්බියා පළාතේ සික් දේවස්ථානයක් ඉදිරිපිට දී වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක් වී තිබූ අතර, ඊට ඉන්දියාවේ සම්බන්ධයක් ඇති බවට විශ්වාස කළ හැකි යැයි කැනඩාවේ බුද්ධි අංශ මගින් පෙන්නුම් කර ඇතැයි කැනඩාවේ අගමැතිවරයා ප්‍රකාශ කර තිබිණි.

එම චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කරන ඉන්දීය රජය චෝදනා එල්ල කිරීම පසෙකලා කැනඩා භූමියේදී ඉන්දීය විරෝධී ක්‍රියාකාරකම් මැඬ පැවැත්වීමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එරට අගමැති ජස්ටින් ටෘඩෝගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here