කන්දකුළිය වෙරළට පැමිණි තල්මසුන් නැවත මුහුදට

0
371
කන්දකුළිය වෙරළට පැමිණි තල්මසුන් නැවත මුහුදට

හිරාන් ප්‍රියංකර -අද පත්‍රයේ පුවතක්

ADA LK NEWS – 11/02/2023

තල්මසුන් 13 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් අද (11 ) උදෑසන අලුයම් කාලයේදී කන්දකුළිය කුඩාව වෙරළතිරයට පැමිණි තිබුණි. එම තල්මසුන් නැවත මුහුදට යැවීමට එහි වෙසෙන ධීවර ජනතාව උත්සාහ කර තිබු අතර එය අසාර්ථකවීම නිසා ඔවුන් විසින් එහි වනජීවී කාර්යාලයට මේ පුවත දැනුම් දී ඇත. ඒ අනුව වනජීවී කාර්යාලය ,නාවික, පොලිස් හා සංචාරය පිණිස පැමිණි විදේශිකයන් පිරිසකගේ ද මැදිහත්වීමෙන් මේ තල්මසුන් පිරිස නැවත මුහුදට යැවීමට කටයුතු කර තිබු බව අද පුවත්පතේ පළවූ වාර්තාවක සඳහන්වේ.

ප්ලයිට්වේල්ස් නමින් හැඳින්වෙන මේ තල්මසුන් පිරිස නැවත මුහුදට මුදා හැරීමට පැය 10 පමණ කාලයක් ගතව තුබු අතර එම තල් මසුන් අතුරෙන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මිය ගොස් බව වනජීවී කාර්යාලය සඳහන් කර ඇත. මේ සඳහා පළාතේ වෙසෙන 200 පමණ පිරිසක් ද සහභාගී වී තිබු බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here