කතරගම දේවාලයේ පුද පඬුරුවලින් අපේක්ෂා රෝහලට ළමා වාට්ටු සංකීර්ණයක්

0
73

කතරගම දේවාලයේ පුද පඬුරුවලින් අපේක්ෂා රෝහලට ළමා වාට්ටු සංකීර්ණයක්

ADA DERANA LK NEWS

September 3, 2024

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මගින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද (03) සිදුකෙරුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘හුස්ම’ ව්‍යාපෘතිය යටතේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මාස 10ක කාලයක් තුළ එහි ඉදිකිරීම් නිම කර ඇත.

මෙම වාට්ටු සංකීර්ණය සඳහා වියදම් වී ඇති මුදල දල වශයෙන් රුපියල් මිලියන 160කි. එසේම තවත් රුපියල් මිලියන 50ක මුදලක් එහි උපකරණ සඳහා වියදම් වී ඇත.

පිළිකා රෝගයෙන් පීඩා විඳින මෙරට ළමා රෝගීන් සඳහා ප්‍රතිලාභ ලැබිය හැකි ලෙස මහල් 4කින් සමන්විත අංග සම්පූර්ණ මෙම වාට්ටු සංකීර්ණයේ නේවාසිකව රෝගී දරුවන් 70කට ප්‍රතිකාර ගැනීමේ හැකියාව තිබේ.

මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා නියෝජනය කරමින් එහි උසස් නිලධාරීන් පිරිසක් එක්වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුනසේකර ඇතුළු පිරිසක් එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here