කටුගෙයි තැබිය යුතු ගුවන් යානාවලින් පුහුණුවීම් කර මිනිසුන් මියයෑමේ වගකීම ගන්නේ කවුද?

0
377

කටුගෙයි තැබිය යුතු ගුවන් යානාවලින් පුහුණුවීම් කර මිනිසුන් මියයෑමේ වගකීම ගන්නේ කවුද?
DIVAINA LK NEWS
August 9, 2023

දයාසිරි මැතිසබයේදී අසයි
පීටී 06 යානය හදා ඇත්තේ 1958 දී: එන්ජිම හැදුවේ 1961 දී


චීන වරාය ගුවන් පථයේදී කඩා වැටුණු චීන පීටී 06 වර්ගයේ ගුවන් යානය නිෂ්පාදනය කර ඇත්තේ 1958 දී බවත් එහි එන්ජිම නිෂ්පාදනය කර ඇත්තේ 1961 දී බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) පැවසීය.

එම ගුවන් යානා කෞතුකාගාරයේ තැබිය යුතු ඒවා වුවත් දිගින් දිගටම පුහුණු කටයුතු වෙනුවෙන් භාවිත කොට මිනිසුන් මරාදැමීමේ වගකීම ගන්නේ කවුදැයි හෙතෙම ප්‍රශ්න කළේය. එහිදී දයාසිරි ජයසේකර මහතා මෙසේද කියා සිටියේය.

ඊයේ ගුවන් හමුදාවේ නියමුවන් දෙදෙනකු අවාසනාවන්ත ලෙස මියගියා. ඒ ගුවන් යානය හදලා තිබෙන්නේ 1958 දී. එන්ජිම නිෂ්පාදනය කරලා තිබෙන්නේ 1961 දී. මේවා නිෂ්පාදනය කරනකොට අපි ඉපදිලාත් නෑ. චීනයෙන් ගෙනාපු මේ පී ටී 06 ගුවන් යානා 06ක් මෙරට තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවන් පුහුණු කිරීමට මේවා පාවිච්චි කරනවා. මේ අනතුරෙන් කුරුණෑගල තිදරු පියෙකු වන වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් නමැති ගුවන් නියමු උපදේශකවරයා මියගියා. ඒ වගේම අලව්ව ප්‍රදේශයේ පුහුණු ගුවන් නිලධාරී ප්‍රෙෂාන් වර්ණසූරිය තරුණයාත් මියගියා. මේ අයගේ මරණ සම්බන්ධයෙන් මොකක්ද කරන්නේ?

මේ ගුවන් එන්ජින් හරිනම් කෞතුකාගාරවලයි තිබෙන්න ඕනා. නමුත් මේවායේ තමයි අපි පුහුණුවීම් කරන්නේ. මේවා ඉතා කනගාටුදායකයි. මේ වගේ හය දෙනෙක් මරණයට පත්වෙලා තිබෙනවා. නියමුවෝ පොළොවට පතබෑවෙනවා. කවුද මේවාට වගකියන්නේ? අර කෆීර් අලුත්වැඩියා කරන්න මිලියන 55ක් වැය කළා. මේ යානයක මිල ඩොලර් මිලියන 0.75යි. මේවා තවත් පාවිච්චි කරලා අපේ මිනිස්සුන්ව මරා දමන්න ද හදන්නේ?
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here