
ඔස්ට්‍රේලියාව පරාජය කළ ඉන්දියාවට එක්දින තරගාවලියේ ජය
ARUNA LK NEWS
27/09/23
ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රීකට් තරගාවලියේ ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (27) සමත් විය.
ඒ තරග 2ට 1ක් ලෙස ය.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ අද (27) රාජ්කෝට් හිදි පැවැති තෙවන තරග ලකුණු 66කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
අද පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 352ක් රැස්කර ගැනීමට සමත් විය.
අනතුරුව පිටියට පැමිණි ඉන්දීය පිලට පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 286ක් පමණී.
ඒ අනුව ලකුණු 66ක ජයක් ඔස්ට්‍රේලියාවට හිමිවිය.
තරගයේ වීරයා සම්මානය ග්ලේන් මැක්ස්වෙල්ට හිමිවූ අතර, තරගාවලියේ වීරයා සම්මානය ඉන්දීය කණ්ඩායමේ ශුබ්මන් ගිල්ට හිමිවිය.