ඔස්ට්‍රේලියාවේ හෝබාට් හි නිරුවත් පිහිණුම් ඉසව්වක්

0
379

ARUNA LK NEWS – 22/06/24

ශීත සෘතුවේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ හෝබාට් හි Derwent නදියේ 3,000කට වැඩි පිරිසක් නිරුවතින් පිහිනීමේ ඉසව්වකට සහභාගී වී තිබේ.

මෙම ඉසව්ව පළමුවෙන්ම ආරම්භ කර ඇත්තේ 2013 වසරේ දී තරගකරුවන් සිය ගණනකගේ සහභාගීත්වයෙනි.

විදෙස් වාර්තා පවස්නේ මෙම වසරේ 3,000කට වැඩි පිරිසක් මෙම ඉසව්ව සඳහා සහභාගී වූ බවත් එය වාර්තා ගත පිරිසක් වන බවත් පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා පිහිට වන ලද අරමුදලක් වෙනුවෙන් මුදල් එක් රැස් කිරීමේ අරමුණින් මෙම ඉසව්ව සංවිධානය කර ඇති බව වාර්තා වේ.

සිකුරාදා අලුයම වන විට Derwent නදියේ ජලයෙන් පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 5ක් පමණ වන අතර ගං දියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 11ක් පමණ වී ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here