ඔස්ට්‍රේලියාවේ වෙසෙන දකුණු ආසියානුවන්ට සුබ පණිවුඩයක්

0
336

ඔස්ට්‍රේලියාවේ වෙසෙන දකුණු ආසියානුවන්ට සුබ පණිවුඩයක්
ARUNA LK NEWS
22 December 2023

2027 වනවිට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා දකුණු ආසියානුවන්ගේ දායකත්වය දෙගුණයක් කර ගැනීමට ඔස්ට්‍රේලියාව සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

ඒ ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගී වන එරට වෙසෙන දකුණු ආසියානු සම්භවයක් සහිත පිරිස වැඩිකර ගැනීමටත් තරග නැරඹීම සඳහා වැඩි දකුණු ආසියානුවන් පිරිසක් ක්‍රීඩා පිටියට ගෙන්වා ගැනීමටත් අපේක්ෂිත බව සඳහන්ය.

මේවනවිට එරට පළමු පෙළ, ප්‍රාන්ත සහ බිග් බෑෂ් ලීග් සඳහා දකුණු ආසියානුවන්ගේ සහභාගිත්වය 4.2%ක් ලෙස සටහන් වන අතර, එම අගය 8% දක්වා වර්ධනය කර ගැනීමට අපේක්ෂිතයි.

ඒ අනුව ලියාපදිංචි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 70,000 සිට 100,000ක් දක්වා වැඩි වෙතැයි අනුමාන කෙරේ.

එසේම ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන තරග නැරඹීම සඳහා පැමිණෙන දකුණු ආසියානුවන් ගණන 100,000 සිට 200,000 දක්වා වැඩිකර ගැනීමත් එමඟින් ලැබෙන ආදායම ක්‍රිකට්වල උන්නතිය සඳහා යෙදවීමත් එම සැලසුමට අයත් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here