ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන්ශ්‍රී ලංකාවට ජය

0
68

12 February 2025

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 49ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ අනුව තරග 2කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙසින් ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙසින් අද (12) පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 215ක පහසු ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 33.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 165ක් පමණි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඇලෙක්ස් කේරී (41), ආරොන් හාඩි (32) පිත්තෙන් දක්ෂතා දැක්වූවත් එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි.

ශ්‍රී ලංකා ජයග්‍රහණය ආරම්භය දුන් අසිත ප්‍රනාන්දු ඔස්ට්‍රේලියානු ඉනිමට ලකුණු 7ක් එක්වද්දී ආරම්භක පිතිකරු යුගලම ක්‍රීඩාගාරය හරවා යැවීමට කටයුතු කළේය.

අසිත ලබාදුන් එම ආරම්භය සාර්ථක අවසානයක් කරා රැගෙන ගිය දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග හා චරිත් අසලංක කඩුලු දවාගනිමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළේය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46කදී සියලු දෙනා දැවී ලකුණු 214ක් රැස්කළේය.(ARUNA LK NEWS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here