ඔබට සුභ ගමන්, ජයන්ත ධනපාල මහතාණෙනි.

0
399

දිවයිනේ එතෙක් මෙතෙක් බිහිවූ ලෝක නායකයන්ගේ සම්මානයෙන් පිදුම්ලද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුවූ ජයන්ත ධනපාල මහතා අද 27දා සිය දිවි ගමනට සමුදුන්නේය.ඔහු අද පෙරවරුවේ ඇතිවූ හර්දයාබාදයකින් අභාවප්ප්‍රාප්රාප්තවී තිබුණි.මෙය සිදුව තිබුනේ අද උදැසන ඔහුට ඇතිවූ හර් දයාභාබා දයකින් අනතුරුව මහනුවර ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදියයි සඳහන්වේ.

ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත දධනපාල මහතා මියයනවිට 85 වන වියෙහි පසු විය.1938 දෙසැම්බර් 30 වනදින මාතලේදී උපතලද ඔහු සිය මුලික අධ්‍යාපනය හදාරා තිබු මහනුවර ට්‍රිනිටි විදුහලෙනි.එහි විවිධ අංශයන් ගෙන් දක්ෂතා හපන්කම් පෙන්වූ සිසුවෙකු වුවේය. ඔහු පාසලේදී ලියු රචනවකහෙතු කොටගෙන ඔහුට ඇමරිකාවට පවා 1956 දී යන්නට ඉඩකඩ සැලසුනේය.ඔහු එම තෑග්ග ලබා ගෙන තිබුනේ ජෝන් ෆ කෙනඩි අතින් බව කියවේ.අනතුරුව ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළුවී ගෞරව උපාධියක් ලබා පසුව විදේශ සේවාවට ඇතුළු වූ බ්ව සඳහන්වේ.


ඔහු 1995 සිට 1994 දක්වා කාලයේ දී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

එසේම ඔහු 1984 සිට 1987 දක්වා කාලය තුළ ජිනීවා හි ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති අතර 1998 සිට 2003 දක්වා කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරායුදකරණ කටයුතු පිළිබඳ කාර්යාලයේ උප ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ.

ජයන්ත ධනපාල මහතා 1998 – 2003 අතර කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරායුධ කරණ පිළිබඳ කාර්යාලයේ උප ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළේය .

එපමණක් නොව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස ලන්ඩන්, චීනය වොෂින්ටන් ,ඉන්දියවහා ජිනීවා යන රටවල් ගණනාවක සේවය කළේය.
ඔහු ආචාර උපාධි ලබාගෙන තිබුණි.ඔහුගේ දක්ෂතාව නිසා අපේ ජනපතිවරුන් ඔහු විවිධ උපදේශක තනතුරු සඳහා පත් කර ඇති බව සඳහන්වේ.චන්ද්‍රිකා කුමාරණතුංග.රනිල් වික්‍රමසිංහ .මහින්ද රාජපක්ෂ .මෛත්‍රීපාල සිරිසේන ඉන් සමහරෙකි.

ඔහු මගේ වැඩිමහල් සොහොයුරු කුලනාථ සේනාධීරයන්ගේ ළබැඳි මිතුරෙකු විය.බොහෝ මිතුරනට උදව් උපකාර කළ කලන මිතුරෙකු බව සඳහන් කලයුතුය.ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් පදවියෙන් පුද ලබන්නට තිබු අවස්ථාව අපේ රටේ අවස්ථා වැඩි දේශපාලනඥයන්ගේ ක්‍රියාපිළිවෙත් නිසා බොඳවී ගියේය.

ඔහු ගේ දයාබර බිරිඳ මොරින් ධනපාලයි. ඔහු දරු දෙදෙනෙකුගේ පියෙකු වුවාය.ඔහුගේ අවසන් කට යුතු පසුව දැනුම දීමට නියමිතය.

ඔබට සුභගමන් ජයන්ත ධනපාල මහතාණෙනි.

නීතිඥ ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ.

සේයාරුව අන්තර් ජාලයෙන් ලබාගත් අතර එහි හිමිකම් මුල් අයිතිකරුවන් සතු බව සලකන්න.









LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here