එම් සී සී ක්‍රිකට් සමාජයේ (MCC) නව සභාපති ලෙස කුමාර් සංගක්කාර පත්වේ

0
434

ලොව ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන් මල් කඩක්වූ එම් සී සී ක්‍රිකට් සමාජයේ (MCC) නව සභාපති ලෙස කුමාර් සංගක්කාර පත්වේ.
අප රට ක්‍රිකට් ක්‍රීඩාව ලොව ඉහළතම තලයකට ගෙන ඒමට කටයුතු කළ අපේ හිටපු ක්‍රිකට් නායකයෙකු වූ කුමාර් සංගක්කාර ලොව ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන් මල් කඩක් ලෙස සළකණු ලබන එම් සී සී මර්ලෙබෝන් (Marylebone) ක්‍රිකට් සමාජයේ (MCC) ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

කුමාර චොක්ෂනාද සංගක්කාර ඔහුගේ සම්පුර්ණ නමයි. 1977 ඔක්තෝබර් 27 දින මාතලේ දී උපත ලබා තිබු ඔහු මහනුවර ත්රිත්ත විදුහලෙන් සිය මුලික අධ්‍යාපනය හැදෑරු අයෙක්වේ.මේවනවිට ඔහුගේ වයස අවුරුදු 45කි.ඔහුගේ පියා හා මව දෙදෙනාම නීතිඥ වුර්තියේ නියැළෙන්නන් වේ.පියා .ක්ෂේමා සංගක්කාර, හා මව කුමාරි සංගක්කාර ය. දෙදරු පියකුවන ඔහුගේ බිරිඳ යෙහාලි සංගක්කාර යි.දරුවන් දෙදෙනා : කවිත් සංගක්කාර, ස්වයිරි සංගක්කාරවේ.

පාසල් වයසේ පටන් ක්‍රිකට් ක්‍රීඩාවට නැඹුරුවූ ඔහු ජාතික කණ්ඩායමට පාසල් වියෙහිදීමවීම කැපී පෙනෙන විශේෂත්වයක් ලෙස සඳහන් කල හැකිය.කුමාර් සංගක්කාර දිවයිනේ මෙන්ම ලොව ක්‍රිකට් ලෝලීන් අතර ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්වුයේ ඉතා කෙටි කළකිනි.වමත් පිතිකරුවකුවූ ඔහු ඇති දක්ෂ පන්දු රකින්නෙකු විය,

පාසල් වයසේ පටන් ක්‍රිකට් ක්‍රීඩාවට නැඹුරුවූ ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමහි සාමාජිකයෙක් මෙන්ම හිටපු නායකයාද වේ. ඔහු මුල් පෙළ වමත් පිතිකරුවෙකි. ඔහු කඩුළු රකින්නා හා මුල් පෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කිරීමට පුරුදුව සිටි, ඔහු ජූලි 20 2000 දකුණු අප්‍රිකාව)ට එරෙහිව මංගල ටෙස්ට් තරඟයට සහභාගිවී තිබුණි.ඔහුගේ වසර 15 පසුව 2015 අවසාන ටෙස්ට් තරගය ජනවාරි 3-7 2015 සඳහා නවසීලන්තයට එරෙහිව සහභාගී වී තිබුණි.

1997-98 සිට 2013-14 දක්වා නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජයට සහ 2015 සිට 2017 දක්වා සරේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික හිටපු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2000 සිට 2015 දක්වා ටෙස්ට් තරග 134කට ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

කුමාර් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙසද බොහෝ ලොව මුල් පෙළේ තරඟ රැසක කටයුතුකළේය.ඔහු සිය පවුලේ අය මෙන්ම නීතිඥයෙකුවීමේ වරම ලැබීම පිණිස නීති උපාධිය හැදෑරීමට තේරී පත්වුවද එය අත් හලේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් බව සඳහන්වේ,

අප රටට කීර්තියක් අභාමනයක් ගෙන ඒමට ඔබදුන් අපමණ සහය පිලිබඳ අපේ උණුසුම් ආචාරය කුමාර් ඔබවෙත පුදන්නෙමු..

ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යුකේ.

පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නම කුමාර් චොක්ශානද සංගක්කාර
උපත 27 ඔක්තෝබර් 1977 (වයස 45)
මාතලේ, ශ්‍රී ලංකාව

අපනාමය සංගා | GOAT of Cricket (GOAT යනු Greatest Of All Time එනම් සදාකාලිකවම ශ්‍රේෂ්ඨ)
පන්දුවට පහර දීමේ ශෛලිය වමත්
පක්දු යැවීමේ ශෛලිය දකුණත් (පා දඟ)
භූමිකාව (කඩුළු රකින්නා), පිතිකරු
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායම (ශ්‍රී ලංකාව)
ටෙස්ට් මංගලාවතරණය (වරම (84)) ජූලි 20 2000 සඳහා (දකුණු අප්‍රිකාව)ට එරෙහිව
අවසාන ටෙස්ට් තරගය ජනවාරි 3-7 2015 සඳහා (නවසීලන්තය)ට එරෙහිව
එදිජා මංගලවාතරණය (cap (93)) ජූලි 5 2000 v (පකිස්ථානය)
අවසාන එදිජා තරගය මාර්තු 18 2015 v (දකුණු අප්‍රිකාව)
එදිජා කමිස අංකය. 11
Domestic team information
වසර කණ්ඩායම
1997–වර්තමානය (එන්සීසී)
2008–2010 (කිංග්ස් XI පංජාබ්)
2007 (වෝර්වික්ෂයර්)
2011 (ඩෙකෑන් චාර්ජර්ස්)
2015– සරේ ප්‍රාන්ත පිළ)

(මෙම වාර්තා හා සේයාරූ අන්තර් ජාලයෙන් ලබාගත් ලබගතබව කරුණාවෙන් සළකන්න)

(මෙම වාර්තා හා සේයාරූ අන්තර් ජාලයෙන් ලබාගත් ලබගතබව කරුණාවෙන් සළකන්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here