එඩ්මන්ඩ් රණසිංහ දිවයින තුළින් නව විප්ලවයක් සිදුකළා – ජනාධිපති

0
661

එඩ්මන්ඩ් රණසිංහ දිවයින තුළින් නව විප්ලවයක් සිදුකළා – ජනාධිපති

DIVAINA LK NEWS

October 4, 2023

මෙරට කෘතහස්ත පුවත්පත් කතුවර ‘දිවයින’ පුවත්පතේ සමාරම්භක කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර පිදීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03දා) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවර උපාලි තෙන්නකෝන්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර එක්වූ අවස්ථාවක් ද රණසිංහ මහතාගේ දසක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත එඩ්මන්ඩ්ගේ ‘පත්තර විප්ලවය’ කෘතිය රණසිංහ මහතාට පිළිගැන්වීම ජනාධිපතිවරයා විසින් සිදුකළ අවස්ථාව ද මෙහි දැක්වේ.

comment.

Shanthi Senadheera

එඩ්මන් රණසිංහ මහතා සිළුමිණ කතුවරයාව සිටි අවදියේ මටද එම කතු මඩුල්ලේ ඔහු යටතේ සේවය කිරීමට ඉඩකඩ ලැබුනා.ඔහු නිහතමානී සංවේදී සංඥමයකින් හෙබි පුළුල් අත් දැකීමක් ඇති කතුවරයෙක්. ඔහු එක්සත් රාජධානියේ පුවත්පත් පුහුණුව ලද ජේෂ්ඨ ප්‍රවීණ මහත්මා ගතිගුණ වලින් පිරිපුන් අයෙක්. ඔහුගෙන් මා පුවත්පත් කලාවේ රිද්මය ඒ කාලය තුල ඉගෙන ගත්තා. ඔහු සමග සිළුමිණේ විශේෂාංග සඳහා විවිධ තැන් වලට යාමට මට අවස්ථාවත් සැලසුණා.මගේ විවාහ මගුල් උත්සවයටත් ඔහු ඇතුළු කතු මඩුල්ලේ බොහෝ දෙනෙකු පැමිණියා. ලේක්හවුසිය රජයට ගත් අවස්ථාවේ ඔහු සිය පෑනත් රැගෙන ඉන් පිටව ගියා, නිහඬව.ඔහු නැවත ආවේ 1977 ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලනයක් නැවත පැමිණිවිටයි. දේශපාලනයේ නදී පිලිබඳ ඔහුගේ දැනුම අපමණයි. උපාලි විජේවර්ධනයන් විසින් ඇරඹු ” දිවයින” පුවත්පත් සමාගම බිහිකරලීමේ නියමුවා ඔහුයි. මා නීති අංශය වෙත පා නැගුවේ නැතිනම් මා ද ඔහුට සමග දිවයිනට සේවය පිණිස යාමට ඉඩකඩ තිබුණා.රණසිංහ මහතා බොහෝ අප අප රටේ අංකුර පුවත්පත් කලාවේදීන් මහ දැවැන්තයන් ලෙස බිහිකිරීමට අතහිතදුන් ගුරු කතුවරයෙක්. ඔවුන් බොහෝ දෙනෙකුට ඒවා අමතකව ගොස් ඇති බවක්ද පෙනෙනවා,ඔහු නොවන්නට ඔවුන් තවමත් ඒ හිටි තැන්වලම රැඳෙන්නට ඉඩකඩ තිබුණා . ඔහුගේ අත්දැකීම් සමුදාය අලලාලියවුණු පොත කියවන්නට මා නොඉවසිල්ලෙන් පසුවෙනවා. එඩ්මන් රණසිංහ මහතාණෙනි .ඔබට දිගාසිරි පතමි.

ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here