එක්සත් රාජධානියේ ඉතිහාසයේ ප්‍රථම වරට ඉන්දියානු සම්භවයක් ඇති ආසියාතිකයෙක් වූ රිෂි සුනක් මෙහි අගමැතිවරයාවෙයි ද ?

0
304

අද මුළු මහත් ලොව දේශපාලන බලධාරීන්ගේ මෙන්ම ජනමාධ්‍යවල නෙත් සිත් යොමුවී සිටින්නේ මේ වෙනස යථාර්තයක් බවට පත්වේවිද යන්න පෙරදැරි කරගෙන යයි කිවහොත් එය නිවැරදිය.ඇමරිකාවේ ප්‍රථම වරට අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයෙකු වූ බැරක් ඔබාමා පත්වීම මුළු ලොවම මවිතයට පත්වූ අවස්ථාවක් විය.එවැන්නක් එක්සත් රාජධානියේ සිදුවන්නට යෑම වත්මන් ලෝක ඉතිහාසයේ තවත් එවන් අවස්ථාවක්වනු නොඅනුමානය.
මෙයට සති 6 කට පෙර පැවති කොන්සවේටිව් පක්ෂයේ නායකත්වය හා    බ්‍රිතාන්‍ය  අගමැති තනතුර සඳහා පැවති චන්ද සටනේදී එම තනතුරට වැදුණු ආසියාතිකයන් අතර පාර්ලිමේන්තුවේ වැඩි චන්දප්‍රමාණයක්  ඍෂිට හිමි විය, එහෙත් කොන්සවේටිව් පක්ෂ නායකත්වය සඳහා මුළු මහත් රටේම සාමාජිකයන් ගෙන් ඔහුට දෙවන්නා ලෙස 42.6% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට ඍෂි සුනක්ට හැකි විය.මෙයට ප්‍රධාන හේතුව වුයේ ඔහු ආසියාතිකයෙකු වූ නිසායයි බොහෝ ජනමාධ්‍ය වල සඳහන් ව තිබුණි. මේ හේතු කරණ කොටගෙන කොන්සර්වේටිව් නායකත්ව තරඟයෙන් ලිස් ට්‍රස්ට( Liz Truss )වෙතින් ඔහු පරාජය වූයේය.
ඇය අගමැති තනතුරට පත්වී පත්කළ දින සිට දවස් 45ක් යාමයට මත්තෙන් ඇතිවූ බදු ප්‍රතිපත්තිය හා ඉන්ධන රජයේ අර්බුදය හමුවේ ආර්ථික ගැටළු නිසා පාර්ලිමේන්තුව තුල ඇතිවූ අප්‍රසාධය හේතු කොටගෙන ට්‍රස්ගේ ඉල්ලා අස්විට ඇයට සිදුවුවාය. මේ අස්වීමත් සමග ඇතිවූ පක්ෂ නායකත්වය හා අගමැති තනතුර පුරප්පාඩුව සඳහා නැවත වරක් සුනක් 2022 ඔක්තෝම්බර් කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව මැතිවරණයට මේ අනුව ඉදිරිපත් වන්නට අවකාශ සැලසුණි .. මේ තනතුර සඳහා තිදෙනෙකු ඉදිපත්ව සිටී. ඔවුන් නම් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකුවූ බෝරිස් ජොන්සන් , ඍෂි සුනක් හා පෙනී මොඩන්ඩ් යන තිදෙනා ය.
මේ තරඟය පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කෙරෙන විට බෝරිස් ජොන්සන් මහතා විදෙස් සංචාරයකට ගොස් තිබු අතර ඔහු එය හදිසියේ නවතාදමා මෙහි පැමිණි බව පුවත්පත් වාර්තාව සඳහන් විය.මෙහි පැමිණීමෙන් අනතුරුව ඔහු මෙම තරඟයට සහභාගිවන බව ප්‍රකාශ‍ කළ ද, අනතුරුව 100 දෙනෙකු ගේ සහාය ඒ සඳහා ඔහුට ලැබෙන බව ප්‍රකාශ කළද පසුව සුනක් හා කළ සුහද සාකච්ජාවකින් අනතුරුව ඉන් ඉවත්ව සුනක්ට සහාය දෙනබව ඔහු ප්‍රකාශකර සිටියේය.තවමත් මේ තරඟය සඳහා ඉදිරිපත්ව සිටින එකම කාන්තා නියෝජනය වූ පෙනී මෝඩන් ඉන් ඉවත්ව ඇති බවක් මෙම සටහන ලියන මොහොත දක්වා ප්‍රකාශය‍ට පත්කර නොතිතුබුණි. ඇය 49 වැනි වියෙහි පසුවන වත්මන් රජයේ සභානායක පදවිය හොබවන කොන්සවේටිව් පක්ෂයේ 2010 සිට විවිධ ඇමති තනතුරුවල කටයුතු කළ අයෙකුවේ. ඇය රෙඩින් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකි. තෙරේසා මේ අගමැතිනියව සිටි සමයේ කාන්තා හා  ජාත්‍යන්තර කටයුතු පිලිබඳ ඇමති තනතුරු හෙබවූ අයෙකු ද වේ, ඇයට පාර්ලිමේන්තුව තුළ 100 තරම් චන්ද ප්‍රමාණයක් හිමිවන්නට අනුමාන කල හැකියයි දේශපාලන විචාරකයන් සඳහන් කර ඇත.
කවුද මේ සුනක් ?
සුනක් 1980 මැයි 12 වන දින සවුත්හැම්ප්ටන් හි පන්ජාබි ඉන්දියානු සම්භවයක් ඇති  අප්‍රිකානු උපන් හින්දු දෙමාපියන්ට යෂ්වීර් සහ උෂා සුනක්ට දාව උපත ලැබීය. ඔහු සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් වැඩිමලාය. ඔහුගේ පියා ඉපදී හැදී වැඩුණේ කෙන්යාවේ (වර්තමාන කෙන්යාවේ) ජනපදයේ සහ ආරක්‍ෂක ප්‍රදේශයේ වන අතර ඔහුගේ මව උපත ලැබුවේ ටැන්ගානිකාහි ය.
1960 ගණන් වලදී නැගෙනහිර අප්‍රිකාවේ සිට  බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ ඉන්දියානු සම්භවයක් ඇති දෙමාපියන්ට දාව සවුත්හැම්ප්ටන් හි උපත,සුනක් අධ්‍යාපනය ලැබුවේ වින්චෙස්ටර් විද්‍යාලයේ ය. පසුව ඔහු ඔක්ස්ෆර්ඩ් හි ලින්කන් විද්‍යාලයේ දර්ශනය, දේශපාලනය සහ ආර්ථික විද්‍යා උපාධිදරයෙකු වන අතර පසුව ෆුල්බ්‍රයිට් විශාරදයෙකු ලෙස කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ගත්තේය. ස්ටැන්ෆෝර්ඩ් හි අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහුට ඉන්ෆොසිස් ආරම්භ කළ ඉන්දීය කෝටිපති  ව්‍යාපාරික‍ එන්.ආර්.නාරායන මූර්තිගේ දියණිය වූ ඔහුගේ අනාගත බිරිඳ අක්ෂාතා මූර්ති මුණ ගැසුණි.42 හැවිරිදි සුනක් දෙදරු පියෙකුවේ, සුනක් සහ මූර්ති  බ්‍රිතාන්‍යයයේ 222 වැනි ධනවත්ම පුද්ගලයන් වන අතර, 2022 වන විට පවුම් මිලියන 730 ක ඒකාබද්ධ වත්කමක උරුමකම් කියා අයෙකු වේ. උපාධිය ලැබීමෙන් පසු, ඔහු ගෝල්ඩන් සැච් සමාගමේ (Goldman Sachs) හි සේවය කළ අතර පසුව ළමා ආයෝජන අරමුදල් කළමනාකරණය සහ තෙලෙමේ හෙජ් (Theleme )හවුල්කරුවන්ගේ හෙජ් අරමුදල් සමාගම්වල හවුල්කරුවෙකු ලෙස සේවය කළේය.
සුනක් 2009 සිට කොන්සවේටිව් පක්ෂයේ සාමාජිකත්වය ගෙන එහි කටයුතුවලට සහභාගී වූ අයෙකු වේ.සුනක් 2015 මහ මැතිවරණයේදී විලියම් හේග්ගේ අනුප්‍රාප්තිකයා ලෙස උතුරු යෝක්ෂයර් හි රිච්මන්ඩ් සඳහා පළාත් සභාවට තේරී පත් විය. යුරෝපා සංගම් සාමාජිකත්වය පිළිබඳ 2016 ජනමත විචාරණයේදී සුනක් බ්‍රෙක්සිට් සඳහා සහාය දැක්වීය. ඔහු තෙරේසා මේ ගේ දෙවන රජයට 2018 ප්‍රතිසංස්කරණයේදී පළාත් පාලන පිළිබඳ පාර්ලිමේන්තු උප රාජ්‍ය ලේකම් ලෙස පත් කරන ලදී. ඔහු මැයි බ්‍රෙක්සිට් ඉවත් කර ගැනීමේ ගිවිසුමට පක්ෂව තුන් වතාවක් ඡන්දය දුන්නේය. මැයි ඉල්ලා අස්වීමෙන් පසු, සුනක් කොන්සර්වේටිව් නායකයා වීමේ බොරිස් ජොන්සන්ගේ ව්‍යාපාරයට සහාය විය. ජොන්සන් තේරී පත් වී අගමැති ධුරයට පත් වූ පසු, ඔහු භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම් ලෙස සුනක් පත් කළේය. 2020 පෙබරවාරියේ කැබිනට් සංශෝධනයේදී ඉල්ලා අස්වීමෙන් පසු සුනක් සජිඩ් ජාවිඩ් වෙනුවට භාණ්ඩාගාරය භාර ඇමතිවරයා ලෙස පත් කරන ලදී.
ඔහු , කොවිඩ්-19 වසංගතයට රජයේ මූල්‍ය කටයුතු ඉතා මැනවින් ඉටු කරමින් ඉතා මහඟු සේවාවක් ඉටු කළ මුදල් ඇමතිවරකු වේ. කොරෝනා වයිරසයෙන් බිඳවැටුණ සමාගම් මෙන්ම රැකියා රඳවා තබා ගැනීම සහ ඊට් අවුට් ටු හෙල්ප් අවුට් යෝජනා ක්‍රම ඇතුළුව එහි ආර්ථික බලපෑම සම්බන්ධයෙන් සුනක් ප්‍රමුඛ විය. 2022 ජූලි 5 වන දින ඔහු චාන්සලර් ධූරයෙන් ඉල්ලා අස්වූයේ ජොන්සන් සමඟ ඇති ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්කම් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කරමිනි.සුනක්ගේ ඉල්ලා අස්වීම, සෞඛ්‍ය ලේකම් ධූරයෙන් ජාවිඩ්ගේ ඉල්ලා අස්වීමත් සමඟ, රජයේ අර්බුදයක් මධ්‍යයේ ජොන්සන්ගේ ඉල්ලා අස්වීමට හේතු විය. ඔහුගේ අස්වීම බොර්ස් ජොන්සන් අගමැති පදවියේ අවසානය සනිටුහන් කරවන්නක් වූවායයි බොහෝ දේශපාලන සටහන් වල සඳහන්විය.
2022 ජූලි 8 වන දින, ඔහු ජොන්සන් වෙනුවට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව මැතිවරණයට ඉදිරිපත් විය. 20 වන දින, සුනක් කොන්සර්වේටිව් මන්ත්‍රීවරුන් අතරින් ප්‍රථමයෙන් ඡන්දය ලබා ගත් අතර පසුව ලිස් ට්‍රස්ට එරෙහිව පක්ෂ සාමාජිකයින්ගේ ඡන්දයකට තරඟ කළේය. රජයේ අර්බුදයක් මධ්‍යයේ ට්‍රස්ගේ ඉල්ලා අස්වීම අපේක්ෂාවෙන් පසුව, සුනක් 2022 ඔක්තෝම්බර් කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව මැතිවරණයට ඉදිරිපත් වේ.ඔහු අද රටේ පවතින ආර්ථිකය නංවාලිය හැකි එකම අය බව කියවේ,. ඔහුගේ බ්‍රිතාන්‍ය‍ය අගමැති තනතුරට පත්වීම ඉතිහාසගත අවස්ථාවක්වේ. ඔහුගේ පත්වීම මෙරට පවතින සුදු කළු වර්ණවාදී අරගලවලට නියම පිළිතුරක් වනු නොඅනුමානය.ලොව පුරා වර්ණ භේදයවාදය පිලිබඳ  බ්‍රිතාන්‍යය විසින් විවිධ කාල වකවානු තුළ විවිධ ක්‍රියාකාරකම් මෙරට පාලක පන්තිය විසින් සිදුකර ඇත. නෙල්සන් මැන්ඩෙලා ,ඇමෙරිකාවේ වර්ගවාදී සටන ගෙනගිය කළු ජාතික සටන්කරුවන්ගේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ මහ හඬින් අප කටමැද දෙඩෙ ව්වත් එය යථාර්තයට පත් වූ බවක් අපට නොපෙනේ.මෙවර එම බාධක විසුනු විසුණු කර ලීමේ මහා කර්තව්‍යයක්වනු නොඅනුමානය. අපි ඒ දිනය හෙට උදාවේවායි ප්‍රර්ථනා කරන්නෙමු.

ශාන්ත සේනාධීර [ලන්ඩන් කොළම ]ලංකා නිවුස් යුකේ,

Image Credits to – www.bloomberg.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here