එංගලන්තය පරදා ඉන්දියාව ලකුණු 100කින් ජය ගනී

0
346

එංගලන්තය පරදා ඉන්දියාව ලකුණු 100කින් ජය ගනී
ARUNA LK NEWS
29 October 2023

එංගලන්තය පරදා ඉන්දියාව ලකුණු 100කින් ජය ගනී

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති තරගයෙන් ලකුණු 100ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 229ක් රැස් කළේය.

නායක රෝහිත් ශර්මා ලකුණු 87ක් රැස් කළ අතර, සූ‍ර්යකුමාර් යදාව් ලකුණු 49ක් රැස් කළේය.

ඩේවිඩ් විලී ලකුණු 45කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත.

එංගලන්ත කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකුට ලකුණු 30 සීමාව හෝ පසු කර යාමට නොහැකි විය.

මොහොමඩ් ශැමී කඩුලු 04ක් සහ ජස්ප්‍රිට් බුම්‍රා කඩුලු 03ක් දවා ගත්තේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here