එංගලන්තයේ නගර 12 පමණ මේ වනවිට දැඩි සංක්‍රමණ විරෝධී උද්ඝෝෂණ රැල්ලක් 400 අධික සංක්‍රමණික විරෝධීන් පිරිසක් අත්අඩංගුවේ.

0
329

එංගලන්තයේ නගර12 පමණ මේ වනවිට දැඩි සංක්‍රමණ විරෝධී උද්ඝෝෂණ රැල්ලක්
400 අධික සංක්‍රමණික විරෝධීන් පිරිසක් අත්අඩංගුවේ.
Lanka News UK – 05/08/24

එංගලන්තයේ නගර12 පමණ මේ වනවිට දැඩි සංක්‍රමණ විරෝධී උද්ඝෝෂණ රැල්ලක් ඇතිවී තිබේ .පසුගිය 30 වනදා ඇරඹුණු මෙම කලබල කාරිතත්වය යෝක්ෂයර් ප්‍රදේශයේ සවුස්ත්පොට් නගරයෙන් ඇරඹුණු අතර එය පසුගිය දින 4 ක් තුල ලිවර්පුල්.මිඩ්ල්ස්බරෝ , බර්මින්හැම් ,පොර්ස්මෝත් ,රෝතර්හම් ,මැන්චෙස්ටර් ,බෝල්ටන් හා ලන්ඩන් ඇතැම් පෙදෙස් වල පිහිටි .නගරවලටද පැතිර ගොස් තිබුණි . එය උතුරු අයර්ලන්තයේ ඩබ්ලින් හිද මේ කෝලාහල ඇතිවූ බව බි.බි.සි පුවතක සඳහන් විය..

මෙම කලබකාරී ගැටුම් එය වැළැක්වීමට යොදාගෙන සිටි පොලිස් නිලධාරීන් රැසකට තුවාල සිදුවී ඇත. මේ වනවිට 400 අධික සංක්‍රමණික විරෝධීන් ලෙස දේපල විනාශකළ හා කළහකාරිලෙස හැසිරුණු මේ ගැටුම් ඇතිකරනු ලැබූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයිද එම පුවත්වල සඳහන්වේ.

සඳුදා සවුත්පෝර්ට් හි නැටුම් පන්තියක් පැවැත්වෙමින් තිබියදී එයට සහභාගිවූ කුඩා ගැහැණු ළමයින් තිදෙනෙකුට මාරාන්තික පිහි ඇනුමකින් පිළිබඳ තොරතුරු වලින් සැහීමකට පත් නොවූ පිරිස් මෙම විරෝධය පසුගිය 30වනදා අරඹා තිබුණි. මෙම පිහිය ඇණුම සිදු කර තිබුණේ 17 හැවිරිදි මුස්ලිම් සම්බවයක් ඇති සරණාගතයෙකු වූ අතර ඔහු සවුත්පෝර්ට් මුස්ලිම් දේවස්ථානයේ සම්බඳ තාවයක් තිබු අයෙකු යයි සැකකරමින් මෙම
කෝලාහල ඇරබුණි.

එසේම දේපොළ විනාශ කිරීමේ සිදුවීම් ද වාර්තා විය. වසර 13කට පසුව මෙරටින් වාර්තා වූ දරුණුතම කලබලකාරී තත්ත්වය මෙය බව සඳහන් ය.

එම විරෝධතා විශේෂයෙන්ම සංක්‍රමණික විරෝධීන් විසින් උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.ප්‍රචණ්ඩකාරී පිරිස් මිසයිල ප්‍රහාර එල්ල කරමින් සරණාගතයින් තාවකාලිකව රඳවා තිබු හෝටල් ගිනි තබමින් , හෝටල් වලට දැඩි අලභාහනි සිදුවන අයුරු රුපවාහිනී නාළිකාවල විකාශණය වූ නිසා සියල්ලටම එය දැක ගත හැකිවිය. මෙම සවුත්පොර්ට් හි අනතුරට පත වින්දිතයි හා එමපවුල් හැමීමට බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්මියර් හා සේවදේශ කටයුතු බාර අමතිවරියදා සහභාගි විය.අගමැතිවරයා මෙම පිරිස් වලින් සමකාමිවනලෙස ඉල්ලා සිටියේය..

හොලිඩේ ඉන් එක්ස්ප්‍රස් (Holiday Inn Express) හෝටල් දෙකක් ඉලක්ක කර ගනිමින් සති අන්තයේ නගර සහ නගරවල ප්‍රචණ්ඩකාරී ව්‍යාකූලත්වයක් ඇති වී බව සඳහන්වේ..

රොදර්හැම් හි, කැරලිකරුවන් විසින් එම හෝටලයට කඩා වැදී, ගිනි තබා ජනෙල් කඩා දැමූහ.මෙහිදී එම හෝටල් කාර්ය මණ්ඩලයට හෝ නිවැසියන්ට තුවාල සිදුවී නැතයි සඳහන් වේ.

ටම්වර්ත්හිදී (Tamworth) හි හෝටලයේදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර, එක අයෙකුගේ අතක් කැඩී ගියේ යයි ද කියවේ.

ප්‍රතිවාදී විරෝධතාකරුවන් වෙන් කර තැබීමට පොලිසිය ක්‍රියා කරන විට බෝල්ටන්හිදී ගිනි සහ දුම් බෝම්බ ඔවුන් විසින් පොලිසිය වෙත හෙළන ලදී.

එක් කණ්ඩායමක් සංක්‍රමණ විරෝධී පෙළපාලිකරුවන්ට “අල්ලාහු අක්බර්” යැයි කෑ බවද වාර්තාවල සඳහන්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here