ලංඩනය කේන්ද්‍ර කරගෙන එංගලන්තයේ ජීවත්වෙන අපේම දූ දරුවන්ගේ මුතුහර රූපවාහිනී ළමා සමාජයේ ප්‍රාසංගික වැඩසටහන දෙසැම්බර් 03 සෙනසුරාදා පස්වරු 4.00 සිට Saturday 03rd December at 4.00PM – Assembly Hall, Beal High School, Woodford Bridge Road, Ilford, Essex IG4 5LP හීදී පැවැත්වේ. ළමයින්ට නොමිළේ. වැඩිහිටියන්ට ප්‍රවේශ පත්‍රයක් ගන්න වෙනවා, මේ විශාල සංදර්ශනය සංවිධානයට වියදම් වන බර පැන පියවා ගන්න.
මේ තමයි අපේ අනාගතය. අපි මොනතරම් මේ රටේ උඩ පැන්නත් එය අනාගත පරම්පරාවට සුළුවෙන් හෝ දායාද කිරීමට නොහැකි වුවහොත් අපි ජාතියක් විදිහට අසාර්ථකයි. දැනටමත් ඉන්දියානු, පකිස්තානු, ශ්‍රී ලාංකික දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව දෙස බැලුවහම අපි කොච්චර පසු බැහැලද කියලා තේරුම් ගන්න අමුතුවෙන් උදාහරණ අවශ්‍ය නැහැ. එහෙත් මේ රටේ ජීවත්වෙන බොහෝ ශ්‍රී ලාංකිකයින්ට මෙය කිසිම වැදගැම්මකට නැති දෙයක් වෙන්න පුළුවන්. £80-£100 දීලා කළු, රතු ටයි, බෝ දාලා යන ජාතික, සංස්කෘතික ඉහළ වටිනාකමක් තියෙන, තමන්ගේ උජාරුව කියා පාන dinner dance එකක් තරම් වටින්නේ නැති වෙන්න පුළුවන්.
එහෙත් කිසියම් පිරිසක් තවමත් දරුවෝ ටිකත් අරගෙන විවිධ බාධක අපහසුතා මධ්‍යයේ වුවද උඩුගම් බලා පිහිනන්න සුළුවෙන් හෝ හැකි පමණින් හෝ උත්සහ දරනවා. ශ්‍රී ලාංකික කියන්නේ cricket සහ dinner dance විතරක් නෙමෙයිනේ. එහෙයින්, ඔබත් අපේ දරුවන්ගේ සිඟිති දස්කම් නරඹන්න කැමති නම් නොවරදවාම ලබන සෙනසුරාදා සවස (Saturday 03rd December at 4PM) අපත් සමග එක් වන්න
ජනක අලහප්පෙරුම
ප්‍රධාන කර්තෘ- Lanka News UK පුවත්පත