උත්තර් ප්‍රදේශ් 92 හැවිරිදි මිත්තණිය ‘කාන් චාචි’ පළමු වතාවට පාසල් යයි

0
272

උත්තර් ප්‍රදේශ් 92 හැවිරිදි මිත්තණිය ‘කාන් චාචි’ පළමු වතාවට පාසල් යයි
DINAMINA LK NEWS

January 16, 2024

ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේ ගිනස් වාර්තාවත් හඹා යයි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බූලන්ඩ්ෂාර් පළාතේ පදිංචිව සිටින 92 හැවිරිදි මිත්තණිය සලීමා ඛාන් සිය ජීවිතයේ පළමු වතාවට අකුරු ඉගෙනීමට පාසල් යෑමේ පුවතක් එරට මාධ්‍ය වාර්තා කළේය. ‘කාන් චාචි‘ නමින් කාගෙත් ආදරයට පාත්‍ර වූ ඇය මේ වන විට මාස 6ක පාසල් කාලයක් සම්පූර්ණ කර ඇති බවත්, ඇයට මේ වන විට අකුරු කියැවීමට හා ලිවීමට හැකියාව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

‘දැන් මට මගේ නම ලියන්නත් පුළුවනි. ඒක තමයි වැදගත්ම දේ. ඉස්සර මට සල්ලි ගණන් කරන්න බැරි නිසා මගේ මුනුපුරාලා මාව රවට්ටලා ලොකු ගාණක් කඩා ගන්නවා. ඒ කාලේ දැන් ගියා‘ ඇය සිනාසෙමින් එසේ ප්‍රකාශ කළ බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා‘ පුවත් සේවය වාර්තා කළේය. ශරීර දුබලතාව හේතුවෙන් ඇය පාසල් කැටුව යන්නේ ඇගේ මුනුපුරාගේ බිරිය බවත්, ඇගේ මේ අපූරු පාසල් යෑමෙන් උත්තේජනය ලද එම පළාතේ සෙසු මිත්තණියන් ද අද වන විට අකුරු ඉගෙනීමට පාසල් යන බවත් වාර්තා වේ.

මේ වනවිට ජීවතුන් අතර නැති කෙන්යාවේ කිමානි මරූගි නමැති කාන්තාවක් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කළ වයස්ගතම කාන්තාව ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියනු ලබන අතර, ඒ වන විට ඇගේ වයස අවුරුදු 84ක් විය. සලීමාට ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නම් එම වාර්තාව ඇය සතු වනු ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here