
උගතුන් බුරුතු පිටින් රට හැරයාම නිසා දැවැන්ත අර්බුදයක් උදාවේවිද?
Shanthi Senadheera – Editor – Lanka news UK
August 2025
දිවයිනේ පැවති අස්ථාවර ආර් ථික ගැටළු හා විරැකියාව නිසා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට වඩා රට හැරයාම වඩා නැඹුරුවීමක් අප සමාජය තුල නිර් මානය වෙමින් ඇතැයි ඒ පිලිබඳ කරනුලැබූ සමීක්ෂණ වලින් හෙළිවී තිබේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දත්ත වලට අනුව, ශ්‍රී ලාංකික සංක්‍රමණික 2025 ජනවාරි සිට ජූලි දක්වා මෙම කාලය තුළ,දී ශ්‍රී ලාංකිකයින් 173,189 ක් විදේශ රැකියා සඳහා රට හැර ගිය අතර,එකී පිරිස පිරිමින් 106,229 ක් සහ කාන්තාවන් 66,960 ක් වූ බව සඳහන් වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර් යවරුන් වූ වසන්ත අතුකෝරල සහ ලක්ෂ්මන් කුමාර විසින් සිදු කරන ලද සමීක්ෂණවලට අනුව විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 50%කට වඩා සංක්‍රමණය වන අතර මින් වැඩි පිරිසක් කිසිදා ආපසු නොපැමිණෙන බවත් සඳහන් කර තිබේ.එම සමීක්ෂණය අනුව වැඩිම පිරිසට අයත්වන්නේ වෙද්‍ය ඉංජිනේරු හා පරිගණක කෙෂ්ත්‍රවල සිසුන් 80 සිට 90 දක්වා සංක්‍රමණය වීමක් දක්නට ලැබෙන බවත් පෙන්වා දී තිබේ.රජය වාර් ෂිකව එක් සිසුවෙකුට රු. 400,000 සිට රු. මිලියන 1.4 දක්වා වැය කරන අතර නැවත මෙරටට නොපැමිණෙන සිසුන් ගෙන් මේ මුදල් නැවත රජය විසින් අය කර ගතයුතුයයි ඔවුන් විසින්පෙන්වා දී තිබේ.මේ අනුව බදු ගෙවන්නන්ගේ මුදල් භාවිතා කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල සමහර විෂයයන් සඳහා උපාධි ලබා ගන්නා සිසුන්ගෙන් සියයට 50 කට වඩා රට හැර යන අතර කිසිදා ආපසු නොඑන බව මෙම සම්ක්ෂකයන් විසින් පෙන්වා දී තිබේ.
රජය විසින් වසරකට එක් සිසුවෙකුට රු. 400,000 සිට රු. මිලියන 1.4 දක්වා වැය කරන බවත් ආපසු දිවයිනට නොඑන සිසුන්ගෙන් මේ මුදල් අයකර ගැනීමට පියවර ගතයුතුයයි ඔවුන් විසින් රජයට නිර්දේශ කර සිටි.
මේ අතර විදේශගත සිසුන්ගෙන් ඇමරිකානු ඩොලර් 10,000 – 15,000 ක ආපසු ගෙවීමක් ලබාගත් යුතුයයිද යෝජනා කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දත්ත වලට අනුව, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් 2025 ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 697.3 ක් දිවයිනට යැවූ අතර එය වසරේ මුල් මාස හත තුළ ඉහළම මාසික ප්‍රේෂණ අගයයිද සඳහන් කර ඇත. ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයට අනුව (SLBFE) මෙය 2024 ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 566.8 ට සාපේක්ෂව 19.5% ක වැඩිවීමක් පිළිබිඹු කරන බවයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) සභාපති කෝසල වික්‍රමසිංහ මහතා සඳහන්කර තිබුණේ මෙම වසරේදී සංක්‍රමණික සේවක ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් බිලියන 7 ක් ලැබීමට නියමිත බවයි. කාර්යාංශය විසින් පුහුණු ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා පියවර ක්‍රියාත්මක කර ඇති බවත්, 2025 දී ශ්‍රී ලාංකිකයින් 300,000 ක් විදේශ රැකියා සුරක්ෂිත කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කර තිබුණි.
ජාතීන් සමඟ පවතින අවබෝධතා ගිවිසුම් යටතේ, ශ්‍රී ලාංකිකයින් ජපානය, දකුණු කොරියාව සහ ඊශ්‍රායලය වෙත යවන බව වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබුනද ඔවුන් බුද්ධි ගලනය ගැන කිසිදු දීගුකාලින සැලැස්මක් අනුව මේ ක්‍රියා දාමය සිදු කරන බවක් සිදු කරන බව නොපෙනේ.
තවද වර්තමානයේ උපාධි අපේක්ෂකයින් 142,000 ක් පමණ රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන තර ඔවුන්ගෙන් 25% ක් කලා, 20% ක් Mgt සහ වාණිජ, 13% ක් ඉංජිනේරු. වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය සහ අනුබද්ධ සෞඛ්‍ය 10% ක් සහ කෘෂිකර්ම සහ පරිගණක විද්‍යාව 11% ක් පමණ වේ. මෑත අතීතයේ දී වාර්ෂිකව ජාතික විශ්ව විද්‍යාල සඳහා වසරකට සිසුන් 44,000 ක් පමණ විශ්වවිද්‍යාල ප්‍රතිදානය බඳවා ගනී.
2023 දී මුළු උපාධි (උපාධි) ප්‍රතිදානය 33, 306 ක් විය.“2023 දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා රජය රුපියල් බිලියන 87 ක් පමණ වියදම් කර ඇති අතර එයට රුපියල් බිලියන 69.9 ක පුනරාවර් තන වියදම් සහ රුපියල් බිලියන 16.7 ක ප්‍රාග්ධන වියදම් ඇතුළත් වේ. ඊට අමතරව, අදාළ විශ්වවිද්‍යාල තමන්ගේම ආදායම් උපයන අරමුදල් ද වියදම් කරයි,” මහාචාර්ය අතුකෝරල පෙන්වා දී තිබේ.මේ සමීක්ෂණය රට පුරා රාජ්‍ය විශ්වවිද්‍යාල 19 කින් එකතු කරන දත්ත මත මෙම නිර්දේශය පදනම් වී තිබේ.
අප දිවයිනෙන් ලොව පුරා පිහිටි රටවල සංක්‍රමණය වී ඇති ප්‍රමාණය මිලියන 3 පමණවේ.යුරෝපා රටවල් .මැදපෙරදිග ඉන්දියාව කැනඩාව ඇමෙරිකාව .ඕස්ටේලියාව යන රටවල් මින් ප්‍රධාන තැනක් ගනී, අප්‍රිකාවට සංක්‍රමණය වී ඇත්තේ අවම පිරිසකි.
රටක සංවර්ධනය සඳහා රටකට හිමි භෞතික සම්පත් ප්‍රමාණය, ප්‍රග්ධන ශක්තිය හා මානව සම්පත බලපානු අතර රටක භෞතික සම්පත් හා ප්‍රග්ධන හැකියාව කෙතරම් ඉහළ මට්ටමක පැවතියද එහි මානව සම්පත දුර්වල නම් වේගවත් සංවර්ධනයක් කරා ළඟාවීමට හැකියාවක් නොලැබේ. යම් රටක උගත්, බුද්ධිමත්, පුහුණු වෘත්තිකයන් රටකට මෙතරම් විශාල පිරිසක් වසර පතා අහිමි වීම සුවිශාල පාඩුවකි.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ රටට අවශ්‍ය හැකියාවන් සහිත බොහෝ පිරිසක් වෙනත් රටවලට සංක්‍රමණය වීම ශ්‍රී ලංකාවේ අනාගතයට ප්‍රබල ලෙස බලපෑම් ඇති කළ හැකිය. මහජන මුදලින් නිශ්පාදිත වෘත්තිකයන්, බුද්ධිමතුන් සම්පත් බහුල සංවර්ධිත රටවලින් පවතින ඉහළ ඉල්ලුමත්, වැටුප් වරප්‍රසාදත් හේතුවෙන් වෙනත් රටවලට සංක්‍රමණය වීමට පෙළඹෙන අතර ඒ තුළින් අඩු ආදායම් ලබන රටවලට අත්වනුයේ ඛේදනීය ඉරණමකි.අපට මුදල් රටේ දියුණුවට අවැසි බව සැබෑය . එහෙත් අපේ ජීවනාලිය බඳු රටතුළ සිටින විවිධ ක්ෂේත්‍රයන්හි අත්දැකීම් බහුල වෘත්තිකයන් බොහෝමයක් රට හැරයාම සිදුවන විට ඔවුන්ගේ සේවාව අත්‍යවශ්‍ය වන සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනයට එමගින් බාධා ඇතිවිය හැක. රට තුළ ශ්‍රම බලකාය සංකොචනය වීම සෘජුවම රටේ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි බලපාන අතර එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහළ ගොස් තවදුරටත් සදා දුප්පත් රටක් ලෙස පැවතීමට සිදුවීමයි.
Shanthi Senadheera – Editor – Lanka news UK
